අපිට එක නීතියක් – උදයංගට වෙන නීතියක්

යුක්‍රේන සංචාරකයන් කන්ඩායමක් සමඟ සීරිගිය නැරඹීමට ගිය උදයංග වීරතුංග නැවතත් කොවිඩ් මාර්ගෝපදේශන නීති රීති සහ පුරා විද්‍යා නීතිරීති උල්ලංඝනය කර තිබීම පිළිබඳ කතා බහක් ඇතිව තිබේ.

මෙහිදී බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වී තිබුණේ සීගිරි ලෙන් සිතුවම් නැරඹීමේදී පිලිපැදිය යුතු උපදෙස් නොතකමින් සීගිරි ලෙන් සිතුවම් අභියස සිට ජායාරූප ගැනීම පිළිබඳවයි.

උදයංග සමඟ සංචාරකයන් පෙනී සිටින ඡායාරූපයේ පසෙකින් ලෙන තුළ ඡායාරූප ගැනීම තහනම් යැයි සඳහන් පුවරුවද පෙනෙන්නට තිබෙනු දක්නට ලැබේ.

ලොව අට වන පුදුමය ලෙස යුනෙස්කෝව විසින් නම් කර ඇති සිගිරි ලෙන් තුළ ඇති ඉපැරණි සිතුවම්වලට හානි වන නිසා සිතුවම් ඇඳි ලෙන් තුළ සිට ඡායාරූප ගැනීිම තහනම් කර ඇත.

මීට පෙර 2014 වසරේදී පාසල් සිසුවියක් හැට්ට කට්ටකින් සීගිරි කැටපත් පවුරේ තම නම ලිවීමට උත්සාහ කිරිම හේතුවෙන් කැටපත් පවුරට හානි කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඊට අමතරව තවත් ප්‍රසිද්ධම සිදුවීමක් වූවේ තරුණයන් පිරිසක් පිදුරංගල දී පස්ස පෙන්නගෙන ඡායාරූප ගැනීම නිසා පුරාවස්තුකට නින්දාවක් හානියක් සිදුවන පරිදි කටයුතු කර ඇතැයි චෝදනා කර අත්අඩංගුවට ගෙන නඩු පැවරීමයි. එවැනි චෝදනාවකදී ඇප ලබාදිය නොහැකි බැවින් අවසානයේ එම තරුණයින්ට තමන් කළේ වරදක් බව පිළිගෙන සමාව අයැදීමට සිදුවිය.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවල එම වස්තුවලට හානිවන අයුරින් කටයුතු කිරීම මේ අනුව ඇප ලබාදිය නොහැකි දඬුවම් ලැබිය හැකි වරදකි.

කෙසේවෙතත් කොවිඩ් මාර්ගෝපදේශන නීති කඩකරමින් සංචාරක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පමණක් නොව පුරා විද්‍යා නීති පවා උදයංග වීරතුංගලාට අදාළ නොවන බව මේ අනුව පැහැදිලි වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...