”රජයේ වතු සමාගම්වල EPF / ETF අවුරුදු 40කින් විතර ගෙවල නෑ”

රජයට අයත් වතු සමාගම්වල සේවකයන්ගේ EPF / ETF අවුරුදු 40කින් පමණ ගෙවා නොමැති බව මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු පවසන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව ඇතුළු වතු සමාගම් තුනකට අයත් සේවකයන් 15000ට ආසන්න පිරිසක් සේවය කරන බවත් ඔවුන්ගේ සේවා අර්ථසාධක අරමුදල්, පාරිතෝෂික දීමනා වසර 40න් පමණ ගෙවා නැති බවයි.

වතු කම්කරු ජනතාවගේ වැටුප රු 1700න් වැඩිකිරීමට රජය නියෝග කිරීමත් සමඟ පෞද්ගලික වතු සමාගම් එය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ
ඉදිරියේ දී ලැබෙන අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු මත කටයුතු කරන බවයි. වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රජතුරෙයි පවසන්නේ රජයේ වතු සමාගම් මගින් රු 1700ක වැටුප් වැඩිවීම ලබාදෙන බව පැවසුවත් එය ලබාදී ඇත්තේ ඇල්කඩුව වැවිලි සමාගම පමණක් බවයි.

කෙසේවෙතත් මෙම කඹ ඇදිල්ල හේතුවෙන් තවමත් වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිවීම සිදුවී නැත. වතු වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රු 2000න් වතු කම්කරු වැටුප වැඩිකරන ලෙසයි. නමුත් පසුගිය ලෝක කම්කරු දිනයේදී රනිල් වික්‍රමසිංහ නිවේදනය කළේ වතු කම්කරු වැටුප 1700දක්වා වැඩිකරන බවයි.
තවමත් එය ඉටුවී නැහැ. වතු සමාගම් මෙයට අකමැති වන බව දැන දැනම මේ ආකාරයට වැටුප් වැඩිකළ යුතු බව නිවේදනය කර එය මැතිවරණය දක්වා කල් අල්ලා සිටීම හරහා වතු ජනතාවගේ ඡන්ද මංකොල්ල කෑමට ආණ්ඩුව උත්සාහ කරන බවටද සැකයක් මතු වෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...