ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කළ ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර හතක සිර දඬුවමක් නියම කෙරුණා.

ඥානසාරහිමියන් පසුගිය කාලවකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදි කරමින් කටයුතු කළ අතර ම සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්‍ෂක අංශ දැනුවත් කිරීමට ද පියවර ගනිමින් කටයුතු කළ බව මෙම ලිපියෙන් මහනාහිමිවරුන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, “එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සභාපති ධුරය ද දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබා දීමට ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීර කටයුතු කර ඇති බව මෙම ලිපියෙහි සඳහන්.

ඒ අනුව, ජාතික සමගිය මෙන් ම සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ ඥානසාරහිමියන් වෙත එළඹෙන වෙසක් පෝය දිනයද නිමිති ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන ලෙස මහනාහිමිවරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එම ලිපිය පහතින්,

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...