මහින්දානන්ද පොහොට්ටු මන්ත්‍රීගේ කකුල් කැඩෙන්න ගහලා

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ  අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට අද (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය.
ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...