හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත ගෝඨගේ මිනීමරු මෙහෙයුම පරාජය කරමු

නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් වහාම ජනපති ගෝඨාභය රාජපක්ෂ ට සහ පවතින ආණ්ඩුවට සහාය පළ කරමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ මෙහෙයුමක් ආරම්භ කිරීමට පොහොට්ටු මුලස්ථානය විසින් සැලසුම් කර තිබේ.

නෙලුම් මාවත ‘පොහොට්ටු’ පක්ෂ මුලස්ථානයේ රාජකාරි බාරගත් නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ අධික්ෂය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සැම පළාත් පාලන බල ප්‍රදේශයකම උද්ඝෝෂණ සංවිධානය කිරීමට එම බල ප්‍රදේශයේ පළාත්පාලන මන්ත්‍රීවරුන්ට පවරා ඇත.
අද දිනයේ මහනුවර, නිකවැරැටිය, තංගල්ල, බඩල්කුඹුර ආදි ප්‍රදේශවල පැවැති එම උද්ඝෝෂණවලට ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු ඇතුළු ආණ්ඩුවට හිතවත් පිරිස් සහභාගී වූහ.

එසේම මේ වන විට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් පලවා හැරීමේ මෙහෙයුමක් හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි ද පැවසේ. ඒ සඳහා ජනාධිපතිවරයාට සහය පල කිරීමේ උද්ඝෝෂණයක් හෙට දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වන විට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...