හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත ගෝඨගේ මිනීමරු මෙහෙයුම පරාජය කරමු

නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් වහාම ජනපති ගෝඨාභය රාජපක්ෂ ට සහ පවතින ආණ්ඩුවට සහාය පළ කරමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ මෙහෙයුමක් ආරම්භ කිරීමට පොහොට්ටු මුලස්ථානය විසින් සැලසුම් කර තිබේ.

නෙලුම් මාවත ‘පොහොට්ටු’ පක්ෂ මුලස්ථානයේ රාජකාරි බාරගත් නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ අධික්ෂය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සැම පළාත් පාලන බල ප්‍රදේශයකම උද්ඝෝෂණ සංවිධානය කිරීමට එම බල ප්‍රදේශයේ පළාත්පාලන මන්ත්‍රීවරුන්ට පවරා ඇත.
අද දිනයේ මහනුවර, නිකවැරැටිය, තංගල්ල, බඩල්කුඹුර ආදි ප්‍රදේශවල පැවැති එම උද්ඝෝෂණවලට ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු ඇතුළු ආණ්ඩුවට හිතවත් පිරිස් සහභාගී වූහ.

එසේම මේ වන විට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් පලවා හැරීමේ මෙහෙයුමක් හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි ද පැවසේ. ඒ සඳහා ජනාධිපතිවරයාට සහය පල කිරීමේ උද්ඝෝෂණයක් හෙට දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වන විට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...