Breaking News

කොරෝනා නැවත පැතිරුණේ නිරෝධායනය සහ PCR සිදුකිරීම පෞද්ගලික අංශයට ලබාදුන් නිසාද?

දැනට පවතින කොරෝනා රැල්ල නිර්මාණය වීමට බලපෑ බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය ඇතිවීමට හේතුව පෞද්ගලික අංශයට නිරෝධායනය සහ PCR සිදුකිරීමට අවස්ථාව ලබාදීම බව සෞඛ්‍ය වෘත්තීකයන් චෝදනා කර තිබේ.

නව කොරෝනා රැල්ලේ පැතිරීමට හේතුව සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ සඳහන් වාර්තාවක් උපුටා දක්වමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමදේශ් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ “තරු හෝටල් වල – සුපිරි නිරෝධායනයට” ඉඩ හැර බකං නිලාගෙන සිටි සෞඛ්‍ය බලධාරීන් ඇතුළු, “පෞද්ගලික අංශයට PCR අවසරයදී” මඩිය තර කර ගත් රසායනාගාර ලොක්කන් මේ ව්‍යසනයට වග කිව යුතුයතු බවයි.

අරුණ පුවපත්පත වාර්තා කර ඇති පරිදි නව කොරෝනා රැල්ල ඇරඹී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. අරුණ පුවත්පත පවසන පරිදි මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී ඇති බවද පැවසේ.

එම පුවත්පත් වාර්තාවට අනුව යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලය නිරෝධායනය වී ඇත්තේ සීදූවේ පිහිටි තරු පන්තියේ හෝටලයකිනි. ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත. මේ සමඟම හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධායනය විය යුතු නමුත් සේවකයන් 18 දෙනෙකු සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත.

මෙවැනිම ආකාරයේ ගැටලුවක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉන්දියාවේ සිට පැමිණි අය සම්බන්ධයෙන් ද මතුවිය. ඔවුන් නියමිත කාලයක් කොස්ගොඩ පිහිටි හෝටලයක් තුළ නිරෝධායනය වී ඇති බව හමුදාපතිවරයා පැවසුවත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියේ කිසිදු සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු යටතේ ඔවුන් නිරෝධායනය නොවූ බවයි.

පෞද්ගලික අංශය විසින් සිදුකරන නිරෝධායනය සහ PCR පරීක්ෂණ සිදුකිරීම වගකීම් සහගතව සිදු නොවන බව ඉහත ඉහත සීදුව හෝටලයේ උදාහරණය සහ බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධනය කිරීමේ ක්‍රියාවලිය හරහා පැහැදිලි වේ. එයට රජයේ වෘත්තීයවේදීන්ගේ පවා විරෝධය එල්ල වීමෙන් එය වඩාත් තහවුරු වේ.

පෞද්ගලික අංශයට නිරෝධායනය හා PCR පරීක්ෂණ සිදුකිරීමට අවස්ථා ලබාදීමේ අරමුණ පිටුපස ඇත්තේ ආණ්ඩුවේ සෞඛ්‍ය පෞද්ගලීකරණ ව්‍යාපෘතිය බව පැහැදිලි වේ. ආණ්ඩුව වසංගතයක් අවස්ථාවාදී පවා සෞඛ්‍ය සඳහා වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කර ඇත. මෙවර විසර්ජන පනතෙන් සෞඛ්‍ය සඳහා වෙන් කර ඇත්තේ බිලියන 158ක් පමණි. එය ගිය වසරට සාපේක්ෂව බිලියන 19ක අඩුවීමකි.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධ අරුණ පුවත්පත් සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.
මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.
හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.
නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.
‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.
එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.
දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.
දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.

උපුටා ගැනීම : ලංකා වීව්ස්

leave a reply