පළාත් පාලන කොමසාරිස්වරිය කොළඹ කරපු වැඩේම සීතාවකත් කරන්න හැදූ බවට චෝදනා

පසුගිය 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කරන ප්‍රථම සභා රැස්වීම අවස්ථාවේ පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකළ බවට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට චෝදනා එල්ල වෙමින් පවතියි. එහිදී සමගි ජන බලවේගය පවසා තිබුනේ තමන් කොමසාරිස්වරියට එරෙහිව නඩු මගට පිවිසෙන බවයි.

කෙසේවෙතත් පසුව එම අදහස වෙනස් කරගෙන තිබුණි.

මෙම චෝදනාව එල්ල වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූවේ කොමසරිවරිය විසින් රහස් ඡන්දයක් පැවැත්වීමට හිතුමතේ තීරණය කළ බවයි.

සීතාවක ප්‍රාදේශීය සභා සභා සභාපති හා උප සභාපති පත්කිරීමේදී ද මෙයට සමාන සත්ත්වයක් ඇතිව තිබේ. නමුත් අවසානයේ සීතාවක සභිකයෝ බහුතරය එසේ නම් ඔබේ ක්‍රමයට ඡන්දය තියා ගන්නයැයි කියමින් සභාවෙන් ඉවත් වී ඇත.

බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ මෙහි නීතිය පිළිබඳ ප්‍රශ්නය අමතක කළද දේශපාලකයන් තමන්ට ඡන්දය දුන් ජනතාවට වගකියනවාද යන්න ගැන ප්‍රශනයක් බවයි. තමන් ඡන්දය දුන් නියෝජිතයා මෙවැනි ඡන්ද විමසීමකදී සහය පලකලේ කාටද යන්න ගැන වගේම තමන් ඡන්දය දුන් පුද්ගලයා බලය ගොඩ නගා ගැනීමට සහය ලබාගත්තේ කාගෙන්ද යන්න ගැන ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබිය යුතුය. එවැනි සහය දීම සඳහා ඇතිවූ එකඟතා මොනවාද යන්න ජනතාව දැනුවත් විය යුතුය. වෙනස් දේශපාලන සංස්කෘතියක් යනු එයයි.

Share post:

Popular

වෙනත් පුවත්

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...