තුවක්කු තියෙන්නේ සෙල්ලම් කරන්න නෙමෙයි – පොලිස් ඇමති

වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස්
පවසයි.

ඔහු ඒ බව පැවසුවේ යුක්තිය මෙහෙයුම යටතේ අද (4) වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ නව මුහුණුවර පිළිබඳව පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එදා තුවක්කුව හරි දේට පාවිච්චි කරන්නයි පැවසූ විට බොහෝ දෙනා තමා විවේචනය කළ බවත් වටේ දූ දරුවන් සහ පවුල් මත්ද්‍රව්‍ය අර්බුදයෙන් බේරා ගැනීම සඳහා එකම අරමුණකින් ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

තමා ඇමතිකමේ සිටින තුරු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පසුගිය දෙසැම්බර් මාසයේ යුක්තිය මෙහෙයුම් ආරම්භ කළේ තමාගේ ආරක්ෂාව ගැනවත් නොසිතා බව අමාත්‍යවරයා කීය.

විදේශ රටවල සැඟවී සිට මෙරට සංවිධාත්මක අපරාධ මෙහෙය වූ පාතාලයන් පස්දෙනකු මේ වන විට මෙරටට රැගෙන ඇති බවත් ඉතිරි පාතාලයන්ද මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...