Breaking News

අලුත් විදුලි බල පනතෙන් වෙන්න යන්නේ මොකක්ද?

ලෙබනනයට ඇමරිකානු සමාගමක් කළා සේ ඉන්දියානු සමාගම්වලට ලංකාවේ විදුලි සැපයීම මුළුමනින්ම අත්හිටුවීමේ හැකියාව කැබිනට් මණ්ඩලය සම්මත කළ නව විදුලි බල මණ්ඩල පනත මගින් සිදු වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ,

”විදුලිය විකිණීමට අදාළ නීති සංශෝධනයක් ගෙනත් තියෙනවා. මේ පනත සඳහා ඊයේ දිනයේ කැබිනට් අනුමැතිය ලැබුනා. මෙය නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා විදුලි බල පනත කියලා. දැනට IMF එකට පොරොන්දු වෙලා තියෙනවා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා සම්මත වුනාට පස්සේ මේකට අදාළ සමාගම් ටික ස්ථාපිත කරන බව. විදුලි බල මණ්ඩලයේ සම්පත් ටික සමාගම්වලට දීලා විදුලි බල මණ්ඩලයේ වැරදි කළමනාකරණය නිසා ඇතිවුණු ණය ටික ජනතාවට ගෙවන්න සලස්වනවා. ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ වෙනම ඒකකයක් ඇති කරලා ණය ටික එකට ඇතුළත් කරලා ණයවල කොටස් විදුලි ඒකක මිලට ඇතුල් කරනවා. ඊළඟට මේගොල්ලන්ගේ සැලසුම තියෙන්නේ විදුලි බල නියාමන පනත කියලා එකක් ගෙන්න. එක හරහා විදුලි බල මණ්ඩලය අහෝසි කරන්න. වසර දෙකකට පස්සේ මේ පනත් දෙකම අහෝසි කරලා 2025 නව පනතක් ගෙන එම හරහා විදුලි බල මණ්ඩලයට තියෙන රාජ්‍ය මැදිහත්වීම සම්පූර්න අහෝසි කිරීම හරහා විදුලි ගාස්තුව සමාගම්වල ලාභ උපයන ක්‍රමයක් බවට පත්කරනවා.ජල විදුලි බලාගාර ටික පුද්ගලික සමාගම්වලට යනවා. තාප විදුලි බලාගාර ටික පුද්ගලික සමාගම්වලට යනවා. ඒ වගේම ලංකාව කලාප 04ට බෙදලා ඒ සමාගම් හතරේ මෙහෙයුම් කටයුතු සඳහා වෙන වෙන හදන සමාගම් 04ක් පෞද්ගලික අංශයට දෙනවා කියලා මේකෙ තියෙනවා.

දැනට විදුලි බල මණ්ඩලයේ වැඩකරන සේවකයෝ එක්කෝ මේ සමාගම්වල වැඩට යන්න ඕනා. නැත්තම් ඒගොල්ලන්ට තමන්ගේ කැමැත්තෙන් විශ්‍රාම යා හැකියි. විදුලි බල නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම වගේම විදුලිය ආනයනය කිරීම අපනයනය කිරීම යන කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට බලපත්‍ර නිකුත් කරනවා. දැනට රජය විසින් විදුලි බලය මහජන සේවාවක් ලෙස පිළිගෙන තිබියදී ගෙවිච්ච මාස කිහිපය ඇතුලේ සියයට 400න් විදුලි බිල වැඩිවුනා. ගිය මාසෙ වෙද්දී රුපියල් කෝටි 2000ක ලාභයක් තියෙනවා විදුලි බල මණ්ඩලයෙන්. මෙච්චර ලාභයක් ගන්න සැලැස්සුවේ විදුලි බල මණ්ඩලය ලාබයි කියල පෙන්නලා සමාගම්වලට විකුණලා දාන්න. සරලවම කිව්වොත් මේ වෙන්නේ අපේ ගෙදර වයරින් එකේ මේන් ස්විච් එකයි, ටිප් ස්විච් එකයි, ෆියුස් බෝඩ් එකයි අල්ලපු ගෙදර හයි කරා වගේ වැඩක් මේ කරන්න යන්නේ. අල්ලපු ගෙදර එකාට ඕන විදිහට ස්විච් ඕෆ් කරන්න පුළුවන්. මේවා මිලදී ගන්න එන්නේ ඉන්දියානු සමාගම්. අන්තිමට වෙන්න යන්නේ මේන් ස්විච් එකයි, ටිප් ස්විච් එකයි, ෆියුස් බෝඩ් එකයි ඉන්දියාවේ හයි කරලා ඒගොල්ලන්ට ඕන ඕන විදිහට අපිව නටවන්න අවස්ථාව දෙනවා. ඇමරිකානු සමාගමක් ලෙබනන්වලට ඕක කරා. ලෙබනන් පාලකයෝ ඇමරිකාව කිව්වා දෙයක් ප්‍රතික්ෂේප කරපු නිසා පැය 24ක විදුලි කප්පාදුවක් ගියා. ”

leave a reply