‘Dream Destination’ නමින් දුම්රිය සේවය පෞද්ගලිකරණය ඇරඹෙයි

Date:

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (28) ජනාධිපති කාර්යාලයේ පැවැති ‘Dream Destination’ නම් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට දී එක් වෙමින් පවසා තිබුණි. ජනාධිපතිවරයා මේ රට නව තලයකට ඔසවන බව පවසන්නේ ප්‍රවාහන සේවය පෞද්ගලිකරණය එම වැඩසටහන දෙස බැලීමේදී පෙනී යයි.

මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය, දියුණු, පහසුකම් සහිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා යයි පවසමින් ආරම්භ කර තිබෙන මෙම ව්‍යාපෘතිය හරහා රජයෙන් සිදු කරන ආයෝජනවලට අමතරව, පෞද්ගලික අංශයටද ආයෝජන අවස්ථා විවර කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවයකින් සන්නාමගත කිරිමට රජය සමඟ එක් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෞද්ගලික අංශයට ආරාධනා කර තිබුණි.

මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී පැවසුවේ ඉදිරියේදී සිය අමාත්‍යාංශය කොට්ටාව සිට අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගය සහ අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා නව දුම්රිය මාර්ග ඉදිකිරීම, භාණ්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය සේවා යොදා ගැනීමට අදාළ පහසුකම් සංවර්ධන කිරීම, දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී සංචාරක කර්මාන්තය සදහා දැනට අතහැර ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පුද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීම මෙන්ම ඉදිරි අයවැයෙන් නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව පැවසීය.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...