පෝෂ්‍යදායි ආහාර සහ එළවළු මිල පස්ගුණයකින් වැඩිවෙලා – ලෝක ආහාර වැඩසටහන

මෙරට තුළ පෝෂ්‍යදායි ආහාර සහ එළවළු මිල, ආර්ථික අර්බුදය ඇති වීමට පෙර තිබූ මිලට වඩා දෙගුණයක සිට පස් ගුණය දක්වා වැඩි වී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දී තිබේ. තවමත් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3 කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලාංකිකයන් මිලියන 6.7 ක් පිළිගත හැකි ආහාර වේලක් නොගන්නා බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කර තිබේ.

එසේම මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ජපානය, නවසීලන්තය යන රටවල රජයන් සහ එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර අරමුදල,පුද්ගලික අංශයේ හවුල්කරුවන්, බහුජාතික පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 20.74 මුදලක් ලෝක ආහාර වැඩසටහනට පරිත්‍යාග කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

නමුත් ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට ජූලි සිට දෙසැම්බර් දක්වා සහාය වීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 63 ක මුදලක් ලෝක ආහාර වැඩසටහනට අවශ්‍යව ඇති බවත් ඒ අනුව තවත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 42.3 ක හිඟයක් පවතින බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී ඇත .

ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩවල මිල ජනතාවට බරක් වීම හේතුවෙන් ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් ආහාර ද්‍රව්‍ය,පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන් පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙළඳසැල් වෙත ගමන් කරන වාර ගණන වැඩි වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය ඉදිරි මාස 12 සඳහා ඉන්ධන ආනයනය සීමා කිරීම හේතුවෙන් දෛනික අවශ්‍යතා සඳහා පෙට්‍රල් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට නොහැකි වීමට ඉඩ ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියාවක් සොයා ගැනීමට හෝ රැකියාවට යාමට ඇති හැකියාව අවම කර ඇති අතර එය පාසැල් මෙන්ම රාජ්‍ය සේවයද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට බාධා එල්ල කර ඇති බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...