Breaking News

ඉතාලියේ කොරෝනා ශේෂපත‍්‍රය

තීමස් විජිත්

කොරොන වයිරස් වසංගතය හේතුවෙන් 2020 ජනවාරි 31 වන දින රජය රහසිගතව ජාතික සෞඛ්‍ය හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ නමුත් මාර්තු 9 වන දින දක්වා එය කිසිදු ජාතික ක‍්‍රියාමාර්ගයක් නොගන්නා ලදී. මාර්තු 9 මුලූ රටම ලොක්ඩවුන් කරන විට සැලකිය යුතු මට්ටමින් බොහෝ ප‍්‍රදේශ පුරා රෝගය පතුරුවන්නන් සැරි සරමින් රෝගය පතුරවමින් තිබුනි. නමුත් ඉතා සැහැසි ලෙස සැබෑ තත්වය වසංගමින් ඉතා දරුණු ප‍්‍රචාරයක් ඒ අවස්ථාවේදීත් සිදුකෙරිණි. කර්මාන්තකරුවන්ගේ සංගමය ප‍්‍රමුක වෙළඳ ප‍්‍රජාව හා ප‍්‍රාග්ධන හිමියන් මාර්තු 9 වන විටත් උත්සහ දරමින් සිටියේ පැවති තත්වය වසන්කරමින් ඔවුන්ගේ කටයුතු බාධාවකින් තොරව දිගටම පවත්වාගෙන යාමටය. ඒ වෙනුවෙන් ව්‍යාජ ලිපි ලේඛන පවා ඔවුන් ඉදිරිපත් කළේය.

එහිදීත් වැඩි අවස්ථාව උදාවූයේ පෙර නොවූ විරූ සංහාරයකට සෘජුවම වගකිව යුතු කලාපවල ප‍්‍රධානීන් හට නිදහසේ තීරණ ගැනීමට අවස්ථාව හිමිවීමයි.

ලොක් ඩවුන් කර තිබූ සති ගණන තුල සමස්තයක් ලෙස සිදුවූයේ මහජනයාට හිංසා පීඩා කිරීම සහ මර්දනයයි. ජනතාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සෞඛ්‍ය පොලිස් පාලන තන්ත‍්‍රයකට යටත් වීමට සිදුවිය. නමුත් ඒ වන විටත් විශාල ආයතන වලින් බහුතරය විවෘතව පැවතියේ කොරෝනා වෛරසය විසින් එම ආයතන වලට විශේෂ අවසරයක් දී තිබූ පරිදිය.

මැයි මාසයේදී වෛරසය ආසාදනය වීම අඩුවිය, රෝහල් ක‍්‍රමාණුකූලව හිස් විය. ශාරීරික හා සමාජීය දුරස්ථභවය පියවරෙන් පියවර ලිහිල් කිරීම සිදුවිය. බිහිසුණු ලෙස සිදුවූ මරණ සංඛ්‍යාව පිළබඳ ප‍්‍රකාෂිත සංඛ්‍යා දත්ත විශ්වාසනීය නොවන අතර ප‍්‍රකාෂිත අගයන්ද ව්‍යාජ ඒවා බවට චෝදනා එල්ල විය. එසේ සිදුවූ ඇත්ත මරණ සංඛ්‍යාව සැගවීම සමාජය භීතියට පත්කිරීම අවම කිරීම යන ව්‍යාජයට යටින් අවශ්‍ය මොහොතේ අවශ්‍ය පියවර නොගැනීමේ වගකීමෙන් නිදහස්වීමද සැගව තිබුනි. මේ වන විට හදිසි අවස්ථාව බොහෝ දුරට අවසන් වී ඇති බව පැහැදිලිය. ඒ අතර මහජනයාට පොරොන්දු දහසක් ලබා දෙමින් තත්වයන් කළමණාකරණය කිරීමට කල උත්සහ අතර බොහෝවිට බලධාරීන් සහ ආයතන, පාලක පන්තියේ විවිධ කොටස් සඳහා කළමනාකරණ මෙවලම් බවට පත්විය. රජය විසින් වෙන් කරන ලද බිලියන දස දහස් ගණනින් සහ යුරෝපා සංගමය ඉතාලියට ප‍්‍රදාන සහ ණය ලෙස පොරොන්දු වී ඇති බිලියන 230 බෙදීම සඳහා. සෞඛ්‍ය, ආර්ථික, සමාජීය හා දේශපාලන ක්ෂේත‍්‍රයන් ගත් පියවර පිළිබඳ උදම් ඇනීම් සිදු වන අතරවාරයේදී එළඹි ගිම්හාන විවේකයෙන් පසුව වැඩිවෙමින් පවතින ආසාදන තත්වය පිළිබඳ ත‍්‍රස්තවාදී ප‍්‍රචාරයන් නැවත ආරම්භ කර ඇති අවස්ථාවකට අපි අද පැමිණ සිටිමු.

මේ වන විට ජාතික සෞඛ්‍ය හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත් වී මාස 8 ක් ගෙවී ගියත් ආණ්ඩුව විසින් සෞඛ්‍යාරක්ෂිතව නැවත පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හෝ මහජන සෞඛ්‍ය අංශය නගාසිටුවීමට හෝ අදාලව වැදගත් පියවරයන් ගත්තේ නැත. පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා අවශ්‍ය ගොඩනැගිලි, පංති කාමර, ගුරුවරු බඳවා ගැනීම් ආදී කිසිවක් අවශ්‍ය පරිදි සිදු නොවීය. ඒ වගේම මහජන සෞඛ්‍ය සේවයේ වැදගත්කම ආපදා සමයේ මොනවට පැහැදිළි වූ තත්වයක් හමුවේ පවා ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාධනීය පියවර ගත්තේද නැත. ඒ වෙනුවට හෙද හෙදියන් කප්පාදුව වගේම පසුගිය සමයේ බඳවාගත් සේවකයින්ද සේවාවන් වලින් ඉවත් කරමින් සිටී. ඊටත් එහා ගිහින් මහජන මුදල් පෞද්ගලික සෞඛ්‍ය අංශය දිරිගැන්වීම සඳහා යැයි කියමින් ඒ සඳහා යොදවමින් සිටී. ඒ වගේම මෙම තත්වයත් සමග ඇතිවූ රැකියා විරහිතභාවය අවම කිරීමට සහ දීමනා ගෙවමින් සිටින තත්වයෙන් කම්කරුවන් මුදවා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති සඳහා මුදල් යොදවනවා වෙනුවට මහජන මුදල් අති විශාල ප‍්‍රමානයක් පොලී රහිත ණය ලෙස සහ නැවත අය කර නොගන්නා ප‍්‍රධානයන් ලෙස විශාල සමාගම් වලට ලබා දෙමින් තිබේ. රැකියා විරහිතභාවයට පිළියම් කෙසේ වෙතත් සුපුරුදු ලාබ මලූ තරකිරීම සඳහා පවතින තත්වය පාවිච්චි කරමින් සේවා මුර වැඩි කරමින් සමහරුන් සේවයෙන් පහ කරමින් තව තවත් කම්කරුවන් සූරාකමින් සිටී. අවසාන වශයෙන් ඔවුන් සිදු කරමින් සිටින්නේ ගැටලූවට හැබෑ විසඳුම් හොයනවා වෙනුවට තව තවත් පීඩිතයින් සූරාකන, ධනපතියන්ට ලාබ කඳු ගොඩගසන නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියම කරපින්නාගෙන යන අතර එහි නොහැකියාව පීඩිත ජනයා මත පැටවීමයි. අවසානයේදී දකින්නට ඇත්තේ නැවත කොරෝනා ආසාධිතයින් වැඩිවන තත්වයක් තුල සමාජය භීතියට පත්වන ප‍්‍රචාරණය වැඩි කරමින් සංක‍්‍රමණිකයන් හා සංචාරකයින් එහි වගඋත්තරකරුවන් කරමින් වගකීමෙන් නිදහස්වීමට වෙරදරමින් සිටින තත්වයකි.

තීමස් විජිත්

සැප්තැම්බර් 29 ඉතාලියේ කොවිඩ් -19 වසංගත තත්වයේ වාර්තාව

ඉතාලියේ කොවිඩ් -19 පැතිරීම පිළිබඳ නව දත්ත වලට අනුව ගෙවුන පැය 24 තුළ නව ආසාදිතයන් 1,648 ක් වාර්තාවී තිබෙන අතර 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ . වසංගතය ආරම්භයේ සිට ඉතාලියේ කෝවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 313,011 වෙන අතර මියගිය සංඛ්‍යාව 35,875 කි . රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 226,506 කි .

දැනට 271 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, 3,048 ක් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇත . රෝග ලක්ෂණ මෘදු ලෙස හෝ සැකසහිත 47,311 නිවාස හුදකලා කර සිටියි .

සැප්තැම්බර් 29 වන දා වන විට ලොව කොවිඩ් -19 රෝගීන් ගණන 33,686,280 දක්වා ඉහළ ගිය අතර මරණ සංඛ්‍යාව 1,008,561 බවට පත් වුණා . වැඩිම මරණ වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් මරණ 205.345 ලෙස.

බ්‍රසීලය 142.058 ඉන්දියාව 96.318 මෙක්සිකෝව 76.603. ඉහළ මරණ අගයන් වාර්ථා වන අනෙකුත් රටවල් වෙනවා.

ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3373 වන විට මරණ 13 වාර්තා වෙනවා .

leave a reply