වසර ගණනාවක් වතු කම්කරුවන් විශාල පිරිසකට EPF, ETF ගෙවා නැහැ

2002 වසරේ සිට රජයේ වතු සමාගම් බොහොමයක සේවයේ නියුතු වතු කම්කරුවන් බොහෝ දෙනෙකුට සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF ) ගෙවා නොමැති බව වාර්තා වේ.

ජීවන් තොන්ඩමන් අමාත්‍ය ධුරය දරන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

රජයේ වතු සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ට සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ගෙවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බවට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් පොරොන්දු වී ඇතැයි එහි දැක්වේ.

EPF සහ ETF සඳහා ශ්‍රමිකයකුට ඇති අයිතිය කඩකිරීම යනු බරපතල වරදකි. මම සමාගම් එම වරද වසර 20ට වඩා කාලයක් සිදුකර තිබේ. දැන් අවශ්‍ය වන්නේ එම මුදල් ගෙවීම පමණක් නොව එවැනි පැහැර හැරීමක් සිදුවුවේ කෙසේද යන්න සොයා බලා ඒ සඳහා දඬුවම් ලබාදීම් දඩ මුදල් අයකිරීම් සිදුකිරීමයි.

එසේම වතු කම්කරු ජනතාව අන්තිකරණයට ලක්වූ ජනතාවක් බව අමුතුවෙන් පැවසිය යුතු නැති අතර අපේ රටට විදේශ විනිමය විශාල වශයෙන් සපයා දෙන මෙම ජනතාවගේ ශ්‍රමයෙනි. නමුත් අවම වශයෙන් එම ජනතාවට ලැබිය යුතු වෘත්තීය අයිතිවාසිකම් හෝ නොලැබෙන බව පැහැදිලිවේ.

පසුගිය කාලයේ වංචා සහගත ලෙස විදේශ විනිමය පිටරටවල්වල සැඟවූ සමාගම් අතර වතු සමාගම් ඉදිරියෙන් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...