ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!

Date:

කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට පොලීසිය බාධා එල්ල කර තිබෙනවා.

බදු බර – බඩු මිල පහත හෙලනු!
IMF මර උගුල පරදවමු!
ඉන්දී‍ය ආධිපත්‍යයවාදය පරදවමු!
ATA, OSA ඇතුලු මර්ධන පනත් ඉරා දමනු!
අත්ඩංගුවට ගත් විරෝධතාකරුවන් වහා නිදහස්කරනු! ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජන අරගල ව්‍යාපාරය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකර තිබුණා.

මේ වන විට ජන අරගල ව්‍යාපාරයේ රැස්වීමකදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් පිරිසක් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට බව කියමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ළහිරු වීරසේකර සහ මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවේ පසුවෙනවා.

ජන අරගල ව්‍යාපාරය විරෝධතා පවත්වා තිබුණේ පෞද්ගලිකකරණය සහ අසාධාරණ ආර්ථික තත්වයන් ඇතුළු සිදුවීම් ගණනාවක් මුල් කර ගනිමුනිය.
උදෑසන සිට කළුතර නගරයේ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර විරෝධතාව පැවැත් වූ ස්ථානය අවට පොලිස් කණ්ඩායම් රැසක් යොදවා තිබූ අයුරු දැකගත හැකිවු බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු විරෝධතාකරුවන් වෙනුවෙන් රැගෙන ආ ටෙන්ට් රෙද්ද පැහැර ගැනීමට උත්සාහ කරමින් පොලීසිය කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වි තිබෙනවා.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව ටෙන්ට් රෙද්ද රැගෙන ආ පුද්ගලයින් සහ ඒ සඳහා සහාය දැක්වූ අය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයකින් පසු ටෙන්ට් රෙද්දි සහ සිව්දෙනෙකු කළුතර දකුණ පොලිසියට රැගෙන ගොස් තිබෙන බවට වාර්තා වෙනවා. පසුව විරෝධතාකරුවන් නිදහස් කර තිබේ.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...