අධ්‍යාපනය විකිණීමට එරෙහි අන්තරේ විරෝධතාවය අතර පොලීසිය පඹයෙකු රැකගැනීමේ මෙහෙයුමක

ආණ්ඩුව විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නමින් නව පනතක් සම්මත කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයිතිවාසිකම් කප්පාදු කර පෞද්ගලිකකරණය කිරීමට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය මිලිටරීකරණය කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ සාමකාමී විරෝධතාව මැදට පොලිසිය කඩා පැන කලබලයක් ඇති කර තිබේ.

විරෝධතාවය පැවැත්වීමට සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරින් දිගටම බාදා කළ අතර පහර දීම්, බැන වැදීම්, තරජනය කිරීම් ද සිදුකරන ලදී. අවසානයේ විරෝධතාව සඳහා ගෙනැවිත් තිබුණු පඹයකු සහ පසුව විරෝධතාව සඳහා ගෙනැවිත් තිබූ මිනි පෙට්ටියක අනුරුවක් සිසුන්ගේ විරෝධය මැද පොලිසිය විසින් පැහැර ගෙන යනු දක්නට ලැබිණි.

2018 වර්ෂයේ දී ජනතාවගේ විරෝධතා මැද රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් හකුලාගත් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත වටයකින් ආණ්ඩුව විසින් සම්මත කරගැනීමට කටයුතු සූදානම් කර ඇත. පසුගිය මාර්තු 26 දින මේ සදහා කැබිනට් අනුමැතිය ලබා ගත් අතර අද දින (22) ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව තුළ කොතලාවල පනත සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

වසංගතට මුවා වී සම්මත කරගැනීමට නියමිත නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුනේ එබැවිනි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...