අධ්‍යාපනය විකිණීමට එරෙහි අන්තරේ විරෝධතාවය අතර පොලීසිය පඹයෙකු රැකගැනීමේ මෙහෙයුමක

ආණ්ඩුව විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නමින් නව පනතක් සම්මත කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයිතිවාසිකම් කප්පාදු කර පෞද්ගලිකකරණය කිරීමට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය මිලිටරීකරණය කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ සාමකාමී විරෝධතාව මැදට පොලිසිය කඩා පැන කලබලයක් ඇති කර තිබේ.

විරෝධතාවය පැවැත්වීමට සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරින් දිගටම බාදා කළ අතර පහර දීම්, බැන වැදීම්, තරජනය කිරීම් ද සිදුකරන ලදී. අවසානයේ විරෝධතාව සඳහා ගෙනැවිත් තිබුණු පඹයකු සහ පසුව විරෝධතාව සඳහා ගෙනැවිත් තිබූ මිනි පෙට්ටියක අනුරුවක් සිසුන්ගේ විරෝධය මැද පොලිසිය විසින් පැහැර ගෙන යනු දක්නට ලැබිණි.

2018 වර්ෂයේ දී ජනතාවගේ විරෝධතා මැද රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් හකුලාගත් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත වටයකින් ආණ්ඩුව විසින් සම්මත කරගැනීමට කටයුතු සූදානම් කර ඇත. පසුගිය මාර්තු 26 දින මේ සදහා කැබිනට් අනුමැතිය ලබා ගත් අතර අද දින (22) ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව තුළ කොතලාවල පනත සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

වසංගතට මුවා වී සම්මත කරගැනීමට නියමිත නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුනේ එබැවිනි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...