ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ දරුණු අනතුරින් ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල්වලට සිය හෘදයාංගම ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පුළුල් හා තිරසාර උපාය මාර්ගයක් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි.
ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ රට පුරා සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යාම රජයට බරපතල කනස්සල්ලට කරුණක් වී ඇති බවයි.
කෙසේවෙතත් ආණ්ඩුව විසින් විශාල ශබ්දයක් දමමින් ආරම්භ කළ ක්ලීන් ශ්‍රී ලංකා නමින් ආරම්භ කරන ලද මහා මාර්ගයේ ගමන් කරන වාහනවල ප්‍රමිතිය සම්බන්ධ වැඩසටහන ගැන ජනාධිපතිවරයාට සඳහන් කිරීමට අමතකව තිබේ.
එම වැඩසටහන මහා මාර්ගයේ ගමන් කරන වාහනවල එම කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් විසින් ලිපියක් යොමුකරමින් උපදෙස් ලබාදී තිබුණි.
මෙම මෙහෙයුමේ දී විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන සහ විවධ වර්ණවලින් යුතු අමතර පහන් සවි කර ධාවනය වන වාහන, ඝෝෂාකාරී නලා, අධික ශබ්දයෙන් යුතු සයිලන්සර් පිළිබඳව සොයා බැලීම පමණක් සිදුවිය. රියදුරන්ගේ ප්‍රමිතිය බස් රථවල ප්‍රමිතිය සම්බන්ධ කාරණා යට යනු ලැබුණි. පසුව එම සොයා බැලීම් අවසන් වූවේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ වර්ජනයක් සමඟයි. පොලිසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයක් දියත් කිරීමට සූදානම් විය. පොලීසිය වහාම නිවේදනය කරේ ක්ලීන් ශ්‍රී ලංකා මෙම මෙහෙයුම මාස 3ට කල් දමන බවයි.
දැන් ක්ලීන් ශ්‍රී ලංකා නමින් ක්‍රියත්මක වෙන්නේ ජාතික උත්සවවල කුණු අස්කිරීම පමණි. ක්ලීන් ශ්‍රී ලංකා විසින් ජාතික වෙසක් කලාපයේ කසළ කළමනාකරණය කරන බව මේ වනවිට නිවේදනය කර තිබේ.
ලෝකයේ එක එක රටවල්වල පරිසරය සම්බන්ධව, සෞඛ්‍යය සම්බන්ධව, ආහාර සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව නොයෙකුත් ප්‍රමිතිගත කිරීම් ලංකාවට හඳුන්වා දීමට ක්‍රියාත්මක කරන බව කිව් වැඩපිළිවෙල තබා බස් රථ සම්බන්ධ වැඩපිළිවෙල පවා ආණ්ඩුවට අමතකව ඇත.