අනුර කතාව වෙනස් කරයි

ජාතික බලවේගය යටතේ පාලනය නොවන පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් මතුවී තිබේ. විපක්ෂයේ පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන පවසන්නේ එම ප්‍රකාශය ඡන්දදායකයන්ට බලපෑම් කිරීමක් බවයි.

කෙසේවෙතත් දැන් ඔහු එවැනි කතාවක් සිදු නොකළ බව පවසයි.

ඇතැමුන් කියන පරිදි ජාතික ජන බලවේගයෙන් පාලනය නොවන පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් නොකරන බව තමන් කිසිවිටෙක ප්‍රකාශ නොකළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් අදහස් කළේ පළාත් පාලන ආයතන අරමුදල් අවභාවිත කිරීමට සහ කොල්ලකෑමට මුදල් වෙන් නොකරන බවයි.

“මධ්‍යම රජය අයථා පරිහරණය සහ වංචා නවත්වා මහා භාණ්ඩාගාරයට මුදල් එකතු කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. පළාත් පාලන ආයතනයත් ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරන්නේ නැත්නම් මුදල් අවභාවිත කරලා කොල්ලකනවා නම් එහෙම වෙන්න දෙන්න බැහැ. මම කිව්වා පළාත් පාලන ආයතනවලට මුදල් අවභාවිත කරන්න, කොල්ලකෑමට අපි ඉඩ දෙන්නේ නැහැ,” ඔහු පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...