දළදා වන්දනාව සඳහා දහස් ගණනින් පිරිස් මහනුවර නගරය වෙත පැමිණීම සහ ඔවුන්ට පහසුකම් සැපයීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා දැන් ආණ්ඩුව තීරණය කර ඇති බව පෙනෙන්නේ ජනතාව වෙත මානසික අල්ලසක් හෝ ලබාදී ඔවුන්ගේ පැමිණීම නැවත්වීමටයි.
මැතිවරණය ඉලක්ක කරගෙන ආණ්ඩුව විසින් සැලසුම් සහගතව ආරම්භ කරන ලද ව්‍යාපෘතිය දැන් ඔවුන්ටම කරදරයක් වී ඇති බව පෙනේ. විශාල ජනතාවට අවශ්‍ය පරිදි පහසුකම් සැපයීමට නොහැකි වීමට අමතරව ප්‍රභූන්ට විශේෂ අවසරයක් ලැබෙන පෝලිම් ක්‍රියාත්මක වීම ගැනද චෝදනා එල්ල වෙමින් පවතියි.
මේ අතර වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසා තිබේ.
ඔහු මෙම අදහස් පළ කර සිටියේ, අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එසේම නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා තිබේ .
ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි පිරිසක් මහනුවරට රැස්ව සිටින බැවින් එම තීරණය ගත් බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසා තිබේ.
“ඇත්තටම අපි රටට ජනතාවට ඇත්ත කියන්න ඕන මේ ඉන්න ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඒ ජනතාවට වැඳ පුදාගන්න තව දින 4, 5ක් යයි, දැන් ඉන්න ජනතාව හොඳටම ඇති, මහනුවර නගරය සීමා සහිත නගරය, නගරයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා, ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම අතින් දුෂ්කර තත්වයක් තියෙනවා, ඒ වගේම තමයි තවදුරටත් ජනතාව මහනුවරට ආවොත් ඉදිරියේදී සෞඛ්‍ය ගැටලු වගේම විශේෂයෙන්ම ආපදා තත්වයකට මුහුණ දෙන්න වේවි”