ප්‍රෙවේෂ සටහන -“
1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥාපනත අනුව ප්‍රසූතිකාධාර නිවාඩු ලැබීමට නම්,. ප්‍රසූතිකාධාර නිවාඩු අයදුම් කරනු ලබන සේවායෝජකයා යටතේ අවම වශයෙන් දින 150ක කාලයක් සේවය කර තිබිය යුතු වනවා.
නමුත්
1985 අංක 43 දරණ පනත මඟින් සිදු කරන ලද සංශෝධනයෙන් පසු මෙම පනතින් ආවරණය වන සේවිකාවන් සේවයට බැඳී සේවය කර තිබුණේ එක දිනක් පමණක් වුවත්, ප්‍රසුතිකාධාර නිවාඩු ලැබීමට සුදුසුකම් ලබනවා.”
මිනිස් සමාජයේ මාතෘත්වය උතුම්කොට සලකන්නේ මානවසංහතියේ ඉදිරි පැවැත්ම මව මත රදා පවතින නිසාය. කිසිවිටක ජනිත කරන දරුවා මවගේ පමණක් අයිතියක් නොවන්නේය. දරුවා මානව සමාජයේ සමාජිකයෙකි. මෙකි මානව සමාජ සමාජිකයන් නිර්මාණය කරන මව්වරු ,හුදෙක් එය ඇයගේ හෝ තමන්ගේ පවුලේ කටයුක්තක් ලෙස සැලකීම මානවප්‍රේමය නොවන බව අවධාරණය කරමු. එය සමාජීය වශයෙන් කාගෙත් ගෞරවයට පාත්‍ර විය යුතු සහ සියලු දෙනා ඇයගේ එම කාර්‍යට ගෞරවාන්විතව සහය පළ කළ යුතුය.
ඉතිහාසයක් පුරා මාතෘත්වය විසින් මිනිස් සමාජයක කළ සේවය ඉතිමහත්ය. සරලව කීවහොත් සමාජය යනු මාතෘත්වයේ ප්‍රතිපලයයි. එම නිසාම ගැහැණු අතිශ්‍යයෙන්ම දුෂ්කර ඉතිහාසයක් ගෙවා දාමා තිබේ. කෘර අමානුෂික නින්දා සහගත කාල පරිච්ඡේද ඇය පසුකොට දමා තිබේ. එය තවදුරටත් ඒ ආකාරයෙන්ම රැගෙන යා යුතුද? විවිධ අවස්තාවල මාතෘත්වය වෙනුවෙන් හඩනැගුවෝ කාන්තා අයිතින් දිනාගැනීමට තම ජීවිත විශාල ප්‍රමාණයක් ඉතිහාසයට එක්කර තිබේ. ප්‍රංශ විප්ලවය, කාර්මික විප්ලවය, රුසියන් විප්ලවය ඉදිරියේ මේ ඓතිහාසික කතාව කියැවි තිබේ.
අද උපාධිධාරී මාතාවක් වු නිසාම ඇයගේ මාතෘත්වය කෙලසා දැමීමට පසුගිය ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුව ද කටයුතු කරති. ඔවුන් මෘර්ගයන් මෙන් හැසිරෙයි. ඔවුන් මානුෂිය හරණය වු මිනිස් සිරුරු පමණක් දරා සිටින මෘර්ගයන්ය. උපාධිධාරී ගැහැණුන් තම රැකියාව කිරීම ආරම්භ කරනුයේ මෙවැනි දුෂ්කර කොන්දේසි මතය. සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවිකාවන්ට හිමි දින 84 ප්‍රසූත නිවාඩුව ඇයට හිමි නැත. හෙටදින මානව සමාජියේ සාමාජිකත්වය ලැබීමට නියමිත මල්කැකුළු වල රැකවණය අහිමිකර තිබේ. ඔවුන්ට තම මව අහිමිකර ඇත. තන උනන කිරි ටික උරා බීමට තිබෙන අයිතිය තම මව උපාධිධාරිණියක් වීම නිසාම අහිමිකර ඇත. මේ ඇයගේ දරුවා පමණක් නොවේ. මේ දරුවා මානව සමාජයේ නැත්නම් අප මෙන්ම මේ සමාජයේ ජිවත්වන එක් සමාජිකයෙකි. ඔවුන් හෙට දවසේ අප දෙස බලනුයේ මාගේ කුඩා කාලය කෙලෙසා දැමිමට ඉඩදී බලා සිටියවුන් දෙස බලා බලන ආකාරයට නොවේද? ඔවුන් විටෙක අඔඅ දෙසට ඇගිල්ල දිගු කරමින් මෙසේ අසාවි, මගේ මව ගේ දෙතනෙන් උණන උණු කිරි පපුව තෙමාගෙන ගොස් බිමට පතිතවන විටත් ඇගේ දෑසින් ගලන කදුළු කැට ලක්ෂ ගණනින් මහපොළොව තෙමා දැමු පසුත් තොපගේ හදවත මොහොතකට උණුවුයේ නැද්ද? තොපගේ හදවත් එතරම්ම අශිෂ්ටත්වයේන් ඔද්දල්ව ගල්ගැසී ගොස් ද? මා මේ සමාජියේම තොප සමග හෙට ජීවත්වන්නේ කෙසේද? හදවතට දැනෙන මේ භයංකාර හැගීම හෙටදින මා ගෙනයන්නේ කොතනටද? එය නුඹලා ගන්නා තිරණය මත සිදුවනු ඇත. ? ඒ අනුව හෙටදින මේ මහා සමාජය ගොඩනැගෙනු ඇත. හැඩගැසෙනු ඇත. අප මිලේච්චත්වයට හෝ වඩා සංවර්ධනී වු සමාජයකට පා තබනු ඇත.
අප මේ මහා සමාජ අපරාධයට ඉඩදිය යුතු නැත. කොපමණ අමාරුකම් මැද වුවද හදවත විවර කරගෙන අපරාධයට එරෙහිව එක් වදනක් හෝ මුවින් පිට කරමු. ඒ හෙට දවසේ මානව ප්‍රේමය වෙනුවෙනි. අපි කියමු.
මාතෘත්වයට ඉඩ දියව්
දින 84 ප්‍රසූත නිවාඩුවට අත නොතබනු.