අනුර කුමාරට හික් ගෑවෙන්න ජනතාව බලය ලබා දී තිබේ .

රටේ පාලනයට අදාළ බලය නිර්මාණය කරගන්නා මැතිවරණ දෙකම නිමාවට පත් වී තිබේ . ජනාධිපතිවරණයේදී මාලිමාව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අනුර කුමාර දිසානායක අපේ රටේ වත්මන් ජනාධිපති බවට පත් කරන්න තමන්ගේ කතිරය පාවිච්චි කරනු ලැබුවා . ඉන් අනතුරුව තමන් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ සාර්ථක  කරන්න අවශ්‍ය කරන පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්න කියලා ජනතාවගෙන් අනුර කුමාර දිසානායක කළ  ඉල්ලීමට  පිටු නොපා  රටේ බහුතර ජනතාව අනුර කුමාර දිසානායකට තුනෙන් දෙකක බලයක් ඉක්මවා ගිය පාර්ලිමේන්තු ආසන ලබා දී තියෙනවා .

අනුර ඇතුළු මාලිමාව කෙරෙහි රටේ බහුතර ජනතාවක් විශ්වාසය තබා රට භාරදී තිබෙන මේ මොහොතේදී ඔවුන්ගේ වගකීම ලෙස වූ පොරොන්දු ඉටු කිරීමයි. බංකොලොත් වී තිබෙන රට ගොඩනැගීමයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

ජාතික ජන බලවේගය – ඡන්ද සංඛ්‍යාව 6,863,186 – ආසන 159

සමගි ජන බලවේලය – ඡන්ද සංඛ්‍යාව 1,968,716 – ආසන 40

ඉලංකෙයි තමිල් අරසු කච්චි – ඡන්ද සංඛ්‍යාව 257,813 – ආසන 08

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – ඡන්ද සංඛ්‍යාව 500,835 – ආසන 05

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද සංඛ්‍යාව 350,429 – ආසන 03

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – ඡන්ද සංඛ්‍යාව 87,038 -ආසන 03

සෙසු පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක් අපේක්ෂකයා බැගින් ජයග්‍රහණය කර තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...