සනීපාරක්ෂක පහසුකම් නොමැති නිසා 50%ක් ගැහැණු ළමුන් ඔසප් සමයේ පාසල් යන්නෙ නැහැ – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවන්ට පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් අහිමි වී ඇති වැඩි බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි. එසේම ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන ගැහැනු දරුවන් බහුතරයකට පාසලේදී ඔසප් කාලසීමාවේ සනීපාරක්ෂාව සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් අසීරුතාවට පත්වන බවද ලෝක බැංකුව පවසයි.

එසේම වැසිකිළි පහසුකම් අවම වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වතුකරයේ කාන්තාවන් බහුතරයක්ම ඔසප් කාලයේදී සනීපාරක්ෂක මෙන්ම ආරක්ෂාව පිළිබඳව ගැටලුවලට මුහුණ දෙන බව පෙන්වා දෙන ලෝක බැංකු වාර්තාව සමස්තයක් ලෙස දිවයින පුරාම පාසල්වල නව යොවුන් වියේ ගැහැනු දරුවන්ගෙන් 50%ක්ම ඔසප් කාලයේදී පාසල් නොයන බවද පවසයි.

ලෝක බැංකුව විසින් ක්‍රියාවට නංවා ඇති ශ්‍රී ලංකා ජල සම්පාදනය හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට (WASSIP) සම්බන්ධ වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට පරිභෝජනය වෙනුවෙන් ජලය ලබාගැනීමේ හැකියාව පැවැතියද වතුකරයේ ජනතාවගෙන් පිරිසුදු ජලය ලබාගැනීමේ අවස්ථාව හිමි වී ඇත්තේ 43%කට පමණි. ඒ අතරිනුත් වතුකරයේ කාන්තාවන්ගෙන් බහුතරය මෙම ජල අර්බුදයට සෘජුව මුහුණ දෙන බව ලෝක බැංකුව පෙන්වා දෙයි. කඳුකරයේ ඇතැම් කාන්තාවන් ජලය සපයා ගැනීම වෙනුවෙන් බස් රථවලින් මෙන්ම ත්‍රිරෝද රථවලින්ද දිනපතාම ගමන් කිරීම වැනි අවාසනාවන්ත විශේෂ අවස්ථාද පවතින බවද ලෝක බැංකුව පවසයි.

මෙම වාර්තාවේ අන්තර්ගත සුවිශේෂීම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 60%ක්ම ඔසප් ක්‍රියාවලිය පිළිබඳ වැරදි අවබෝධයක සිටින බවයි. එහෙයින් පාසල් සිසුවියන්ගේ ඔසප් සමයේ සිසුවියන් පාසල්වලට පැමිණීම අධෛර්ය කිරීමට එම ගුරුවරියන් කටයුතු කරන බවද එම වාර්තාව කියයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...