රනිල් උතුරේ ඡන්ද ප්‍රචාරක මෙහෙයුමක

මාතලේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උළලේ සමාරම්භක උත්සවයට සහභාගීවීම හදිසියේ අවලංගු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ සංචාරය කරමින් ගෙවී ගිය දින දෙක පුරා උතුරේ ජනතාවට පොරොන්දු රැසක් ලබාදී තිබේ. ඒ හරහා තම ප්‍රචාරක ව්‍යාපාරයද සාර්ථක කරගැනීමට ඔහු උත්සාහ දරා ඇති බව පෙනේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබෙන පසුබිමක දේශපාලඥයන් රාජ්‍ය කටයුතු සඳහා මැදිහත් කර නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් දන්වා තිබේ. නමුත් ජනාධිපති බලතල උපයෝගී කර ගනිමින් එම නියෝගය නොතකා ප්‍රචාරක කටයුතු රැසක් උතුරු පළාත තුළ 24 සහ 25 දෙදින තුළ සිදු කරනු ලැබීය.

ජනාධිපති මාධ්‍ය අංශය රජයේ නිල වෙබ් අඩවිය සහ රාජ්‍ය මාධ්‍ය ආයතන යොදවා ගනිමින් එම ප්‍රචාරක කටයුතු සඳහා ඉහළම ප්‍රචාරයක් ලබා ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශයේ නිල වෙබ් අඩවිය ඒ වෙනුවෙන් පළ කළ වාර්තාවල සිරස්තල පහත දැක්වේ.

“යාපනය රෝහල නොදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරනවා“

“ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදා කර දෙනවා“

“කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ඨතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ“

“කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩ සටහන ජනපති ප්‍රධානත්වයෙන්“

“රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳනවා – ජනපති රනිල් වික්‍රමසිංහ“

“යාපනය දිස්ත්‍රික්කය සඳහා නව ගුරු පත්වීම් 375ක්“

“රට ගොඩ නැගීමට නම් පැරණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතුයි – ජනපති රනිල් වික්‍රමසිංහ“

“ජනපති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ සුවදුක් විමසයි“

“විප්ලවයකින් තොරව, අධිකරණයේ සිරවී නොසිට, සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන් ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා“

“කේපාපිලව් ග්‍රාමයේ ඉඩම් ගැටලුව විසඳීමට ජනපති මැදිහත් වෙයි“

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...