පොරොන්දු වූ රැකියා 10000 ලබාදෙන්න – රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලයි

වත්මන් රජය උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී EPF ලැබෙන රැකියාවක නිරතවීම සහ තවත් විවිධ හේතු දක්වමින් රැකියා ලබාදීම ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට ඉක්මණින් රැකියා ලබාදෙන ලෙස බලකෙරෙන විරෝධතා පා ගමනක් අද කොළඹදී පැවැත්වී තිබේ. අසාධාරණය පත් උපාධිධාරී එකමුතුව සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය මෙය සංවිධානය කර තිබුණි. උද්ඝෝෂණය අවස්ථාවේ අදහස් දක්වමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි පැවසුවේ EPF ලැබෙන රැකියාවක නිරතවීම නිසා රැකියා නොලැබුණු 9554 ක පිරිසක් සිටින බවයි. එසේම වයස අවුරුදු 45 ඉක්මවූ 500ට වැඩි උපාධිධාරීන් පිරිසක් සිටින බවද එම හිමියන් පැවසීය.

තැන්නේ ඥානානන්ද හිමි වැඩිදුරටත් පැවසුවේ,
“අගෝස්තු 26වනදා ජනාධිපති කාර්යාලයෙන් දැන්වුවා කවද්ද මෙම පිරිස බඳවා ගන්නේ කියන එක සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත්කරනවා කියලා. තවම දිනයක් ප්‍රකාශයට පත් කර නෑ. මේ ප්‍රශ්නයට උත්තරයක් කඩිනමින් අවශ්‍යයි. ”

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...