පොරොන්දු වූ රැකියා 10000 ලබාදෙන්න – රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලයි

වත්මන් රජය උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී EPF ලැබෙන රැකියාවක නිරතවීම සහ තවත් විවිධ හේතු දක්වමින් රැකියා ලබාදීම ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට ඉක්මණින් රැකියා ලබාදෙන ලෙස බලකෙරෙන විරෝධතා පා ගමනක් අද කොළඹදී පැවැත්වී තිබේ. අසාධාරණය පත් උපාධිධාරී එකමුතුව සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය මෙය සංවිධානය කර තිබුණි. උද්ඝෝෂණය අවස්ථාවේ අදහස් දක්වමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි පැවසුවේ EPF ලැබෙන රැකියාවක නිරතවීම නිසා රැකියා නොලැබුණු 9554 ක පිරිසක් සිටින බවයි. එසේම වයස අවුරුදු 45 ඉක්මවූ 500ට වැඩි උපාධිධාරීන් පිරිසක් සිටින බවද එම හිමියන් පැවසීය.

තැන්නේ ඥානානන්ද හිමි වැඩිදුරටත් පැවසුවේ,
“අගෝස්තු 26වනදා ජනාධිපති කාර්යාලයෙන් දැන්වුවා කවද්ද මෙම පිරිස බඳවා ගන්නේ කියන එක සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත්කරනවා කියලා. තවම දිනයක් ප්‍රකාශයට පත් කර නෑ. මේ ප්‍රශ්නයට උත්තරයක් කඩිනමින් අවශ්‍යයි. ”

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...