Breaking News

COVED-19 වසංගත තත්වය හේතුවෙන් ඛණ්ඩනය වූ අඛණ්ඩතාවය

අද අගෝස්තු මාසේ 4 වෙනිදා, ඉහින් කනින් දාඩිය පෙරාගෙන වැඩ කරන්න තිබුණු දිනයක්, එහිදී දේශපාලන බේදයකින් තොරව අපගේ සමාජ කටයුතු සමග බැඳී සිටින බොහෝ පිරිසක් අප හා උරෙනුර ගැටී වෙහෙස මහන්සිය නොලබා හරි හරියට වෙහෙස මහන්සිවී වැඩ කරන ඉතා සුන්දර අත්දැකීමක් එක් කරන අවස්තාවක්. නමුත් COVED-19 වසංගත තත්වය හේතුවෙන් ඒ සුන්දර අවස්ථාව මෙවර ගිලිහී ගියා.. ඒ අනුව අප කවුරුත් දන්නා පරිදි 29 වන වරට 2020 අගෝස්තු මාසේ 4 දා සිට 22 දක්වා පැවැත්වීමට සංවිධාන කටයුතු සිදුකර තිබූ මෙවර Festa di Radio Onda d’Urto වාර්ෂික සැනකෙළිය අවලංගු කරන්නට සිදු වුණේ මේ මොහොතේ අප මුහුණ දෙමින් සිටින කොරෝනා වසංගත තත්ත්වය නිසා බව මිස වෙනත් හේතුවක් නිසා නොවන බව අප කවුරුත් දනිමු.

Radio Onda d’Urto ගුවන් විදුලි ආයතනය වාමාංශික සංවිධාන සහ කණ්ඩායම් එකමුතුවෙන් සැදුම්ලත් එකක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන අපද එහි කොටස්කරුවන් වන අතර සෑම වසරකම මෙම සැණකෙළිය තුළ ලාංකීය ආහාරපාන ඇතුළත් ආපන ශාලාවක් පවත්වාගෙන යනු ලබනවා. එමෙන්ම රථගාල පවත්වාගෙන යෑමෙන්ද අපේ දායකත්වය සපයනු ලබනවා. අපගේ දේශපාලන හා සමාජ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන සපයා ගනු ලැබූවේ වාර්ෂිකව අප ද මෙම සැණකෙළියෙන් ලද ආදායමෙනි. ඉතින් මෙවර Radio Onda d’Urto වාර්ෂික සැනකෙළිය නොපැවැත්වීම හේතුවෙන් අහිමිවන ආදායම නිසා අපගේ එම කටයුතුද ඉදිරි වර්ෂය තුල අභියෝගයට ලක්වෙනව. ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා වෙනත් විකල්පයන් වෙත පියමනින්න අපටද සිදුවී තිබෙනවා. කෙසේ වෙතත් කුමන බාධක හමුවේ වුවද ඉදිරි වර්ෂය තුල දේශපාලන හා බහුජන ක‍්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වන මුදල් සම්පාදනය කර ගැනීම සඳහා විකල්පයන් වෙත යොමුවෙන්නට සිදුවී තිබෙනවා.

කිනම් තත්ත්වයක් හමුවේ වුවද මේ අවදානම්කාරී වටපිටාව පහව යනතුරු සියල්ල ආරක්ෂා කර පවත්වා ගැනීම සඳහා කුමන දුෂ්කර කොන්දේසි යටතේ වුවද අප පසුබට නොවෙන බව පවසමු. ඒ සඳහා අපට ඇත්තේ ජනතාව ගැන අපතුල තිබෙන නොසැලෙන විශ්වාසයයි.

වාර්ෂිකව මෙම උත්සවය පැවැත්වීමේ මූලික අරමුණ වෙන්නේ Radio Onda d’Urto ගුවන් විදුලිය පවත්වාගෙන යෑම සහ එහි බහුජන කටයුතු වලට අවශ්‍ය මුදල් සොයා ගැනීමයි. කෙසේ වෙතත් මෙම වසංගත තත්ත්වය හමුවේ 2020/2021 ගුවන්විදුලියේ ඉලක්කයන් කරා යෑමද ඉතාමත් අපහසු වී තිබෙනවා. ඉදිරි වර්ෂය තුල Radio Onda d’Urto ගුවන් විදුලිය පත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් උපයා ගැනීම සඳහා වෙනත් විකල්ප මාධ්‍යයන් වෙත යොමුවෙන්නට ඔවුන්ගේ අවධානය මේ වන විට යොමු කර තිබෙනවා. මුල් පියවර හැටියට ඔවුන් ජනතා ආධාර පැතීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා හැකි පමණින් ආධාර කරන මෙන් සියලූ දෙනාගෙන් අපද ඉල්ලා සිටිනවා. ඒ පසුගිය ඉතිහාසය පුරාම ඔවුන් කටයුතු කලේ තම පෞද්ගලික වුවමනා වෙනුවෙන් නොව පොදු සමාජ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් බව අප මෙන්ම ඔබද හොඳින් දන්නා නිසයි. එම නිසා කැමති කෙනෙක් වේනම් මේ link එක ඔස්සේ ගොස් https://www.produzionidalbasso.com/project/salva-il-gatto-nero-sostieni-radio-onda-d-urto/ ඔබට හැකි පමනින් පරිත්‍යාග මුදල් ලබා දෙන ලෙසද කාරුණකව ඉල්ලා සිටිමු.

2019

2018

2017

leave a reply