වැලිකඩ රැඳවියන් ඝාතනයට චෝදනා එල්ල වූ එමිල් රන්ජන්ට අධිකරණ ඇමතිගෙන් උපහාර

2012 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙකු වූ එමිල් රන්ජන් ළමාහේවාට අධිකරණ ඇමැතිවරයා විසින් උපහාර පිරිනැමීම ගැන කතා බහක් ඇතිව තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මෙම ඝාතන සිද්ධිය රජයේ මැදිහත්වීම මත සිදුවූ බවට චෝදනා එල්ල විය.

මෙම සිදුවීමට අදාළ සැකකාරයන් අතරින් එල්ලා මැරීමට නියම වූ එකම සැකකරැවා එමිල් රන්ජන් ළමාහේවායි. ඒ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවට අනුව. මේ තීන්දුවට එරෙහිව යොමු කරන අභියාචනයක් හේතුවෙන් එමිල් රන්ජන් 2024 අගෝස්තු මාසෙ නිදහස් වි තිබේ.

පසුගියදා පැවති බන්ධාගර දෙපාර්තමේන්තුවේ උත්සවයකදී අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර විසින් එමිල් රන්ජන් උපහාර ලබාදෙමින් සම්මානයක් පිරිනමන ආකාරය දැක්වෙන ඡයාරූප පෙළක් ප්‍රචාරය වෙමින් පවතියි.

මේ පිළිබඳ අදහස් දක්වා පිරිස් පවසන්නේ බන්ධනාගාර රැඳවියන් මරා දැමීම සම්බන්ධ නඩුවක ප්‍රධාන සැකකරුවෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උපහාර උළෙලක උපහාර ලැබීමම කොයිතරම් විකාරරෑපීද, විහිළු සහගතද, අමානුෂිකද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...