ජෝර්දානයේදී ලාංකික ශ්‍රමික කාන්තාවන්ට එල්ලවූ ප්‍රහාරයට නිදහස උදෙසා කාන්තාවන්ගේ විරෝධය

පසුගියදා ජෝර්දානයේ කැමල් වේගා ටෙක්ස්ටයිල් ආයතනයේ ශ්‍රමිකයන් හට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළකිරීම හා මෙම ශ්‍රමිකයන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස බලකරමින් ලංකාවේ ජෝර්දාන් කොන්සල් කාර්‍ය්ලය වෙත අද (2020.8.4.)නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලිපියක් බාර දී තිබේ.

එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මැතිවරණය අස්සේ මේ ශ්‍රමිකයන්ගේ ගැටලුව යටපත් නොකිරීමට ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ජෝර්දාන් කොන්සල් කාර්යාලයට මෙම ලිපිය බාරදුන් බවයි. එසේම ලාංකික ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්නා තුරු නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස අඛණ්ඩව සටන් කරන බවද ඇය පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්ණය රජය විසින් නොසලකා හරිනවා පමණක් නොව ඔවුන්ව රවටමින් සිටින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...