ජෝර්දානයේදී ලාංකික ශ්‍රමික කාන්තාවන්ට එල්ලවූ ප්‍රහාරයට නිදහස උදෙසා කාන්තාවන්ගේ විරෝධය

පසුගියදා ජෝර්දානයේ කැමල් වේගා ටෙක්ස්ටයිල් ආයතනයේ ශ්‍රමිකයන් හට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළකිරීම හා මෙම ශ්‍රමිකයන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස බලකරමින් ලංකාවේ ජෝර්දාන් කොන්සල් කාර්‍ය්ලය වෙත අද (2020.8.4.)නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලිපියක් බාර දී තිබේ.

එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මැතිවරණය අස්සේ මේ ශ්‍රමිකයන්ගේ ගැටලුව යටපත් නොකිරීමට ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ජෝර්දාන් කොන්සල් කාර්යාලයට මෙම ලිපිය බාරදුන් බවයි. එසේම ලාංකික ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්නා තුරු නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස අඛණ්ඩව සටන් කරන බවද ඇය පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්ණය රජය විසින් නොසලකා හරිනවා පමණක් නොව ඔවුන්ව රවටමින් සිටින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...