රනිල් අල්ලස් කොමිසමට එන්න තමන් කැමති දවසට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ. මීට පෙර රනිල්ට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස අවස්ථාවන් දෙකක් ලබාදී තිබුනත් ඔහු එම දිනවල පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔහුට අල්ලස් කොමිසම මඟින් ඊයේ (25) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී තිබු අතර එවිට සිය නීතීඥවරයා විදෙස්ගතව ඇතිබැවින් ඔහු දිවයිනට පැමිණි විගස තමා අල්ලස් කොමිසමට පැමිණෙන බවයි.

ඔහුට මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

රනිල් වික්‍රමසිංහ මේ ආකාරයට මෙම කැඳවීම් සත පහකට ගණන් නොගැනීම සහ තමන් කැමති දවසක පැමිණීම එක්තරා ආකාරයකට ආණ්ඩුවට ලබාදෙන ඉඟියකි. එසේම ආණ්ඩුවත් එසේ කරන රනිල්ට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීමද ජනතාවට ලබාදෙන ඉඟියකි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...