අපේ අත්වල ලේ හෝ කුණු ගෑවිලා නෑ – මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර

තම අත්වල ලේ හෝ කුණු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පැවැසීය. අද (08දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“මට දිවුරලා කියන්න පුළුවන් මම දේශපාලන වශයෙන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ. දේශපාලනයේදී බහින් බස් වීම වෙන්න පුළුවන්. 2001 සිට 2020 දක්වා සියලුම මැතිවරණ මම ජයග්‍රහණය කළා. අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න අපෙන් පළි ගන්න කටයුතු කළා.

නොකරපු වරදට දඬුවම් ලබාදුන්නා. දුමින්ද සිල්වා නඩුවේදි කටයුතු කරපු ආකාරය අපිට පෙනුනා. හඬ පට තිබෙනවා. මේක අපරාධයක්, මම එහෙම කළේ නෑ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික් ජනතාව මා ගැන විශ්වාසය තබා තිබෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...