අපේ අත්වල ලේ හෝ කුණු ගෑවිලා නෑ – මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර

තම අත්වල ලේ හෝ කුණු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පැවැසීය. අද (08දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“මට දිවුරලා කියන්න පුළුවන් මම දේශපාලන වශයෙන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ. දේශපාලනයේදී බහින් බස් වීම වෙන්න පුළුවන්. 2001 සිට 2020 දක්වා සියලුම මැතිවරණ මම ජයග්‍රහණය කළා. අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න අපෙන් පළි ගන්න කටයුතු කළා.

නොකරපු වරදට දඬුවම් ලබාදුන්නා. දුමින්ද සිල්වා නඩුවේදි කටයුතු කරපු ආකාරය අපිට පෙනුනා. හඬ පට තිබෙනවා. මේක අපරාධයක්, මම එහෙම කළේ නෑ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික් ජනතාව මා ගැන විශ්වාසය තබා තිබෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...