රඹකැන් ඔය පරිසර විනාශය අඛණ්ඩව – ජල උල්පත් පස් යොදා වසා දමලා

හෙළි පෙහෙළි කිරීම් හේතුවෙන් රඹකැන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ සිට ගලා එන පිරිසිදු ජල උල්පත් ද පස් යොදා වසා දමා ඇති බවට අද අනාවරණය වී තිබේ.

ඓතිහාසික රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 2,750 බඩඉරිඟු වගා කිරීම සඳහා බදුදීමට පසුගිය දින කැබිනට් අනුමැතිය ලැබිණ.

කැබිනට් තීරණයේ දැක්වෙන්නේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වෙන හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන ඉඩම් මෙලෙස ආයෝජකයින්ට වෙත ලබාදෙන බවයි. ප්‍රථමයෙන් වසරක කාලයකට ලබාදී පසුව දිගුකාලීන බදු පදනම මත ලබාදීම වාරිමාර්ග ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කෙරී තිබේ.

එහෙත් කැබිනට් අනුමැතිය ලැබීමටත් ප්‍රථමයෙන් සමාගම් විසින් රඹකැන් ඔය ගලවලයාය ප්‍රදේශයේ ඉඩම් එළිපෙහෙළි කිරීම අරඹා තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී රඹකැන්ඔයේ දකුණු මායිම් ජල පෝෂක ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම ආරම්භ කෙරුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල විය. මේ හේතුවෙන් රඹකැන් ඔය පෝෂණය කළ ජල මූලාශ්‍ර රැසක් විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...