රඹකැන් ඔය පරිසර විනාශය අඛණ්ඩව – ජල උල්පත් පස් යොදා වසා දමලා

හෙළි පෙහෙළි කිරීම් හේතුවෙන් රඹකැන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ සිට ගලා එන පිරිසිදු ජල උල්පත් ද පස් යොදා වසා දමා ඇති බවට අද අනාවරණය වී තිබේ.

ඓතිහාසික රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 2,750 බඩඉරිඟු වගා කිරීම සඳහා බදුදීමට පසුගිය දින කැබිනට් අනුමැතිය ලැබිණ.

කැබිනට් තීරණයේ දැක්වෙන්නේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වෙන හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන ඉඩම් මෙලෙස ආයෝජකයින්ට වෙත ලබාදෙන බවයි. ප්‍රථමයෙන් වසරක කාලයකට ලබාදී පසුව දිගුකාලීන බදු පදනම මත ලබාදීම වාරිමාර්ග ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කෙරී තිබේ.

එහෙත් කැබිනට් අනුමැතිය ලැබීමටත් ප්‍රථමයෙන් සමාගම් විසින් රඹකැන් ඔය ගලවලයාය ප්‍රදේශයේ ඉඩම් එළිපෙහෙළි කිරීම අරඹා තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී රඹකැන්ඔයේ දකුණු මායිම් ජල පෝෂක ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම ආරම්භ කෙරුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල විය. මේ හේතුවෙන් රඹකැන් ඔය පෝෂණය කළ ජල මූලාශ්‍ර රැසක් විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...