පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න ශ්‍රී ලන්කන්

කටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් යානය වෙතත් , ගුවන් යානයේ සිට ගුවන් තොටුපොළ වෙතත් ගුවන් මගීන් ප්‍රවාහනය කිරීම සදහා නවීනතම බස් රථ තුනක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භූමි පාලන අංශයට පවරා දීමේ උත්සවයක් ඊයේ(10) ශ්‍රී ලන්කන් ගුවන් යානා පරිශ්‍රයේ දී පවත්වා තිබෙනවා .

වසර 05 ක පමණ කාලයක සිට දැඩි අවශ්‍යතාවක් බවට පත්ව තිබූ බස් රථ ඊයේ සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවයට එක් කර තිබෙන බවට වාර්තා වනවා .

කටුනායක ගුවන් තොටුපොළ අවශ්‍යතාවලටම පමණක් ගැලපෙන පරිදි එහි ගුවන් මගී සේවා කවුළු සහ ආගමන විගමන කවුළුවලට 100% ක් ම ගැලපෙන ආකාරයට මීටර් 14 ක් දිගකින් සහ මීටර් 2.7 ක පළලකින් යුතු මෙම බස් රථ චීනයේ චයිනා ඉන්ටර්නැෂනල් මරීන් කන්ටේනර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

රියැදුරුවරයාට සහ ඒ තුළ ගමන් ගන්නා මගීන් එකිනෙකට සන්නිවේදන සම්බන්ධතා ඇති කර ගැනීමේ පහසුකම් සහිත මෙම බස් රථය තුළ ගුවන් මගීන් 77 ක් සදහා ගමන් කිරීමේ හැකියාවද පවතිනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේවනවිට පාඩු ලබමින් සිටින බව රජයම පවසයි. දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත්, ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දහ අතේ පවසමින් සිටියි.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයෝජකයකුගේ නිසි ලංසු මුදලක් ඉදිරිපත් නොවුණහොත් එය සමාගම් තුනක් ලෙස වෙන් කර අලෙවි කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් කේටරින්, ගුවන් තොටුපළ සේවා මෙහෙයුම් සහ ගුවන් යානා මෙහෙයුම් ලෙස සමාගම් තුනකට වෙන් කර අලෙවි කිරීමට යෝජනා වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...