පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න ශ්‍රී ලන්කන්

කටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් යානය වෙතත් , ගුවන් යානයේ සිට ගුවන් තොටුපොළ වෙතත් ගුවන් මගීන් ප්‍රවාහනය කිරීම සදහා නවීනතම බස් රථ තුනක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භූමි පාලන අංශයට පවරා දීමේ උත්සවයක් ඊයේ(10) ශ්‍රී ලන්කන් ගුවන් යානා පරිශ්‍රයේ දී පවත්වා තිබෙනවා .

වසර 05 ක පමණ කාලයක සිට දැඩි අවශ්‍යතාවක් බවට පත්ව තිබූ බස් රථ ඊයේ සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවයට එක් කර තිබෙන බවට වාර්තා වනවා .

කටුනායක ගුවන් තොටුපොළ අවශ්‍යතාවලටම පමණක් ගැලපෙන පරිදි එහි ගුවන් මගී සේවා කවුළු සහ ආගමන විගමන කවුළුවලට 100% ක් ම ගැලපෙන ආකාරයට මීටර් 14 ක් දිගකින් සහ මීටර් 2.7 ක පළලකින් යුතු මෙම බස් රථ චීනයේ චයිනා ඉන්ටර්නැෂනල් මරීන් කන්ටේනර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

රියැදුරුවරයාට සහ ඒ තුළ ගමන් ගන්නා මගීන් එකිනෙකට සන්නිවේදන සම්බන්ධතා ඇති කර ගැනීමේ පහසුකම් සහිත මෙම බස් රථය තුළ ගුවන් මගීන් 77 ක් සදහා ගමන් කිරීමේ හැකියාවද පවතිනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේවනවිට පාඩු ලබමින් සිටින බව රජයම පවසයි. දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත්, ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දහ අතේ පවසමින් සිටියි.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයෝජකයකුගේ නිසි ලංසු මුදලක් ඉදිරිපත් නොවුණහොත් එය සමාගම් තුනක් ලෙස වෙන් කර අලෙවි කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් කේටරින්, ගුවන් තොටුපළ සේවා මෙහෙයුම් සහ ගුවන් යානා මෙහෙයුම් ලෙස සමාගම් තුනකට වෙන් කර අලෙවි කිරීමට යෝජනා වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...