නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් 8ක් හමුවෙයි

ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් අට දෙනෙකු හමුවී ඇතැයි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසා තිබේ.

මෙම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වීම නිසා මැලේරියා රෝගය පැතිරීම වැළක්වීම පහසු වී ඇති බවද ඔහු පවසයි.

මාතලේ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගීන් පස්දෙනෙකු සහ මීගමුව හෝටලයක ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයකින් රෝගීන් තිදෙනෙකුද හමුවී තිබේ.

පැල්වෙහෙරින් හමුවූ රෝගීන් පස්දෙනා දඹුල්ල රෝහලේද මිගමුව රෝගීන් මීගමුව රෝහලේද ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට මෙම රෝගීන් නිවෙස්වලට ගියේනම් මදුරුවන් හරහා මෙම රෝගය තවදුරටත් පැතිරීමට හැකියාව තිබූ බව ද එසේ වීනම් මෙම රෝගීන් සංඛ්‍යාව 100ක් 200ක් වීමට ඉඩ තිබී ඇත.

පුද්ගලයන් 100 දෙනෙකු සිටින පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ 10දෙනෙකු මැලේරියා සඳහා පරික්ෂා කළබවත් ඉන් පස් දෙනෙකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බවත් ඉතිරි 90 දෙනාද පරික්ෂා කරන බවත් අධ්‍යක්ෂකවරයා පවසයි.

එසේම මීගමුව නිරෝධායන මධ්‍යස්ථානයේ 180 දෙනෙකු පරීක්ෂණ සඳහා යොමු කළ බවද ඉන් තිදෙනෙකුට මැලේරියා ඇති බවට තහවුරු වී ඇති බවත් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පවසා ඇත.

medialk වෙබ් අඩවිය ඇසුරිණි

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...