නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් 8ක් හමුවෙයි

ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් අට දෙනෙකු හමුවී ඇතැයි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසා තිබේ.

මෙම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වීම නිසා මැලේරියා රෝගය පැතිරීම වැළක්වීම පහසු වී ඇති බවද ඔහු පවසයි.

මාතලේ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගීන් පස්දෙනෙකු සහ මීගමුව හෝටලයක ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයකින් රෝගීන් තිදෙනෙකුද හමුවී තිබේ.

පැල්වෙහෙරින් හමුවූ රෝගීන් පස්දෙනා දඹුල්ල රෝහලේද මිගමුව රෝගීන් මීගමුව රෝහලේද ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට මෙම රෝගීන් නිවෙස්වලට ගියේනම් මදුරුවන් හරහා මෙම රෝගය තවදුරටත් පැතිරීමට හැකියාව තිබූ බව ද එසේ වීනම් මෙම රෝගීන් සංඛ්‍යාව 100ක් 200ක් වීමට ඉඩ තිබී ඇත.

පුද්ගලයන් 100 දෙනෙකු සිටින පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ 10දෙනෙකු මැලේරියා සඳහා පරික්ෂා කළබවත් ඉන් පස් දෙනෙකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බවත් ඉතිරි 90 දෙනාද පරික්ෂා කරන බවත් අධ්‍යක්ෂකවරයා පවසයි.

එසේම මීගමුව නිරෝධායන මධ්‍යස්ථානයේ 180 දෙනෙකු පරීක්ෂණ සඳහා යොමු කළ බවද ඉන් තිදෙනෙකුට මැලේරියා ඇති බවට තහවුරු වී ඇති බවත් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පවසා ඇත.

medialk වෙබ් අඩවිය ඇසුරිණි

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...