2023 වසරේ සමාගම් නොගෙවූ බදු සියල්ල අයකර ගනියිද?

2023 සහ 2024 වර්ෂවලට අදාළව නොගෙවු බදු මුදල් 2024 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මාධ්‍ය වෙත පවසා ඇත.

පසුගිය රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත 2023 වර්ෂයේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර 172ක් පමණක් නිකුත් කර ඇති බවත් එමගින් රුපියල් කෝටි 220ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත් ඔහු පවසයි.

2023 දෙසැම්බර් 31 වන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන ලද මුළු පැහැර හරින ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. මැතිවරණයට පෙර කාල සිමාවේ එම බදු වලින් රුපියල් බිලියන 57ක් නැවත අයකර ගෙන තිබුණි. කෙසේ වෙතත් අනෙක් නොගෙවන ලද බදු අයකර ගැනීමට නොහැකිවී ඇත්තේ දැනට පවතින බදු අභියාචනා සහ නීතිමය බාධා හේතුවෙනුයි.

බදු පැහැර හැර ඇති සුරා බදු සමාගම් අතර අර්ජුන් ඇලෝසියස්ගේ අරක්කු සමාගම් ඇතුළු සමාගම් කිහිපයක්ම සිටියි.

පැහැර හැර ඇති බදු අයකර ගැනීමට නීතිමය බාධා පවතී නම් තාවකාලිකව එම සමාගම්වල බලපත්‍ර හෝ අහෝසි කළ යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...