Breaking News

ඉතාලි රජය රැකියා අහිමි කිරීමට එරෙහිව සීමා පනවයි, මව් රටවල් කරා ගිය අය ගැන තවම තීරණයක් නෑ

තීමස් විජිත්

කොරෝනා  lockdown හේතුව නිසා විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දුන් පාර්ශව බොහොමයි. ඒ අතරින් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඉතාලියෙන් තම රටවලට ගිය, නැවත ඉතාලියට පැමිණීමට නොහැකිව මේ අවස්ථාවේ ලංකාවේ සිරවී සිටින සර්ජෝර්නෝව හිමි ඉතාලියේ රැකියාකරන පිරිස මුහුණ දී සිටින ගැටලුව සම්බන්ධවයි.

අප කලින් මේ සම්බන්ධයෙන් දැනුවත් කළා ඔබට මතක ඇති. ඒ ඉතාලියේ වෘත්තීය සංවිධාන තුනක් වන CGIL, CISL සහ UIL සංවිධානයන්හි ලේකම්වරුන් විසින් අභ්‍යන්තර කටයුතු, විදේශ සහ සමාජ දේශපාලන හා රැකියා අමාත්‍යාංශය වෙත මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා යොමු කළ ලිපිය සම්බන්ධවයි. මේ වන තුරු ඊට අදාළ පිළිතුරක් ඔවුන් වෙත ලැබී නැති අතර ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් අමාත්‍යාංශ විසින් ගත්තා දැයි තවම දැනගන්නට ලැබී නැත.

රජයේ අවධානයට යොමුකරනු ලැබුවේ මේ වන විට නිවාඩුවට හෝ කොරෝනා ආපදා තත්වය නිසා ආයතන වැසීම සහ වෙනත් සෞඛ්‍ය හේතු මත තම රටවල් වලට ගිය සර්ජෝර්නෝ හිමි අය හට නැවත ඉතාලියට පැමිණීමේදී ඒවා කල් ඉකුත් වී ඇති තත්වයක් යටතේ ගැටලුව හා නියමිත දිනට සේවයට වාර්තා කිරීමට නොහැකිවන කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත කරදීමට අදාළවයි.

ජනවාරි 31 දින සිට අප්‍රේල් පහළොස් වැනි දින දක්වා කල් ඉකුත්වන සර්ජෝර්නෝ වල වලංගු කාලය ජුනි 15 වන දින දක්වා වලංගු බවට රජය ප්‍රකාශ කර තිබෙන නමුත් එසේ පැමිණෙන්නන් හට තම මව් රටේ ගුවන්තොටුපලේදී හා හුවමාරු ගුවන්තොටුපල වලදී ගැටළු වලට මුහුණ පාන්නට සිදුවන බවත් ඒ නිසා එම පොදු දැනුම් දීමට එහා ගිය රාජතාන්ත්‍රික මට්ටමේ නිල දැනුවත් කිරීමක් අදාළ ආයතන වෙත සිදුකරන ලෙසයි.

ඊට අමතරව domestic හා Badante රැකියා හැර අනෙකුත් රැකියා වල නියුතු අය කිසිදු හේතුවක් නිසා මාස දෙකක කාලයක් තුළ සේවයෙන් පහ කිරීමට නොහැකි ලෙස මේ වන විට දැනුම් දීමක් කර තිබුනත් එසේ තම රටවල් බලා ගිය සේවකයින් හට තම නිවාඩු කාලය අවසන් වී සේවයට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයට එහා ගොස් මේ වනවිටත් තිබෙන lockdown සීමා නිසා නැවත සේවයට වාර්තා කිරීම තවමත් පමාවිය හැකි බැවින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් කරන ලෙසයි .

මේ දක්වා ඒ වෙනුවෙන් නිශ්චිත ක්‍රියාමාර්ගයක් නැති වුවත් ඉදිරියේදී ඊට අදාළ මැදිහත්වීම් කිරීමට වෘත්තීය සමිති සූදානමින් සිටින අතර තානාපති කාර්යාල වලින් ද ඊට සුදුසු මැදිහත් වීමක් සිදුකරන ලෙස ඉල්ලා සිටිමු.

ලබන සතියේදී තානාපති කාර්යාල මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නට සූදානම් දැයි අප විමසා බලන්නට කටයුතු කරන බවද දැනුම් දෙමු.

තීමස් විජිත්

leave a reply