ඇන්දිලි එපා, ලීසිං සහන දෙන්න – ත්‍රීරෝද සංගම්වලින් ඒකාබද්ධ පෙත්සමක්

ත්‍රී රෝද රථ රියදුරන් මුහුණදෙන ගැටළු වලට කඩිනම් විසදුමක් ඉල්ලා ත්‍රී රෝද රථ සංගම් කිහිපයක් ඒකාබද්ධව මුදල් අමාත්‍යංශය වෙත පෙත්සමක් බාර දී තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග ඇති වූ ලොක්ඩවුන් තත්වයන් හමුවේ මාස කිහිපයක් යනතුරුම ත්‍රී රෝද රථ රියදුරන්ට තම ජීවිකාව අහිමි වූ අතර තවමත් එය යථාතත්වයට පත්වී නොමැති බව ත්‍රී රෝද රථ සංගම් පවසයි. මොහොතේ ලීසිං සමාගම් වාරික අයකර ගැනීමට කටයුතු කිරීම නිසා රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණි. මීට එරෙහිව ඔවුන් අතරින් මතුව ආ විරෝධය හමුවේ ජනාධිපතිවරයා පවසා සිටියේ ලීසිං සදහා සහන කාලයක් ලබාදෙන බවයි. ත්‍රීවිල් රථ සංගම් චෝදනා කර සිටින්නේ ලබාදෙන බව පැවසූ එම සහනය හිස් ප්‍රකාශයක් පමණක් බවට පත්ව ඇති බවයි. සහන කාලය ඉල්ලා සිටින්නේ නම් ඊට වෙනම පොළියක් අය කිරීමට ලීසිං සමාගම් වලට රජය ඉඩ ලබාදී ඇති බවද පැවසේ.

ඒ අනුව මෙවැනි ඇන්දිලි වලින් තොරව ලීසිං සහන ලබාදෙන ලෙසත,
ලීසිං ගිවිසුම් පත්‍රය සිංහල සහ දෙමළ භාෂා වලින් ද ලබාදීම,
ලීසිං පොළිය අඩු කිරීම,
අමතර කොටස් මත පනවා තිබෙන අධික බදු පහළ දමන ලෙසත් යන ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක විසින් බාරගෙන තිබූණු අතර මතිවරණයට පෙර මෙම ගැටළු සදහා කඩිනම් විසදුමක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් මැතිවරණයේ දී සමස්ථ ත්‍රී රෝද රථ ප්‍රජාවම ආණ්ඩුවට විරුද්ධව සිටගන්නා බව ත්‍රීරෝද රථ සංගම් පවසා තිබේ.

මෙම අවස්ථාව සදහා,
ඒකාබද්ධ ත්‍රී රෝද රථ සේවා සංගමය නියෝජනය කරමින් ප්‍රියන්ත චන්ද්‍රකුමාර
කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් නීතීඥ නුවන් බෝපගේ
සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘතිය සමිතිය නියෝජනය කරමින් ලලිත් ධර්මසේකර
සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සුදීල් ජයරුක්
ශ්‍රි ලංකා මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ වෘතිකයන්ගේ සමිතිය නියෝජනය කරමින් පියල් රුද්‍රිගු යන අය සම්බන්ධ වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...