උතුරට ඇති ‘ලොකුම’ අඩුපාඩුව විසඳීමට සජිත් දුන් පොරොන්දුව

වසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පසෙකින් තබා උතුරු පළාත දියුණු කිරීමට ඇති හොඳම ක්‍රමය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිම බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ. බොහෝ පිරිසක් මෙම කතාව උපහාසයට ලක් කර ඇති අයුරු සමාජ මාධ්‍ය ජාල හරහා දැකගත හැක.

ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ වසර ගණනාවක් පැවති උතුරේ යුද්ධය අවසන්ව තිබියදී වුවද නොවිසිඳුණු ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටින ජනතාවකට ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලබද්දෙන බව කීම විහිළුවක් බවයි. එසේම තවත් පිරිසක් පවසන්නේ මේ හරහා පෙනෙන්නේ ජනතාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලකයන් දක්වන අසංවේදීතාවය මේ හරහා පෙන්වන බවයි.

සජිත් ප්‍රේමදාස පැවසුවේ හරහා එම ප්‍රදේශයේ ආර්ථිකය ගොඩනගන්න, කර්මාන්ත දියුණු කරන්න, සංචාරක කර්මාන්තය දියුණු කරන්න මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි කිරිමට ඉවහල් වන බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

මීට වසර කිහිපයකට පෙර යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිමට යහපාලන රජයේ දී සාකච්ඡා වූ බවත් වර්තමානයේ එහි තත්ත්වය සොයා බැලීමට වේලනෙයි ප්‍රදේශයේ මණ්ඩතිව් බටහිර කොට්ඨාසයට තමා ගිය අවස්ථාවේ දැක ගැනීමට හැකි වූයේ දැනටමත් ඒ සඳහා අක්කර 50ක ඉඩමක් වෙන් කර ඇති මුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර නොමැති බව යැයි ඔහු සඳහන් කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (ජුනි 12) යාපනය කෝපායි නීර්වේලි අත්තියර් හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 233 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රීඩාංගනය පහසුවෙන් ඉදිකළ හැකි බවත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය පවා නිර්මාණය වූයේ එවැනි ආකාරයට බව ද ඔහු මෙහිදී පවසා ඇත.

පෞද්ගලික ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ගොඩනැගූ ආකාරයටම යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකරන බවයි සජබ නායකයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන සිහිනය සැබෑ කිරීමේ වැඩපිළිවෙළ සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරනා බවට ද හෙතෙම සහතික වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...