වැටුප මත අයකරන බදු අද සිට ක්‍රියාත්මකයි

අයවැයෙන් යෝජිත බදු සංශෝධන ඇතුළු තීන්දු කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වේ.

මේ අනුව අද සිට බලපැවැත්වෙන මාසික වැටුප් සඳහා පෞද්ගලික ආදායම් බදු අය කිරීමද සිදු වනවා.

මේ අනුව පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් වීමට නියමිතයි.

ඒ පහත පරිදිය,

රුපියල් ලක්ෂයක ආදායමකට බද්දක් අයකරනු ලබන්නේ නැහැ
වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500
වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500
වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000
වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000
වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500
වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500
වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද සිට බලාත්මක පෞද්ගලික ආදායම් බද්ද රුපියල් ලක්ෂය දක්වා වැටුපක් උපයන අයගෙන් අය නොකෙරෙන බවයි.

ඊට අමතරව ආදායම් බදුවල ද යම් සංශෝධන සිදුවන අතර සම්මත, භාණ්ඩ හා සේවා අපනයන, කෘෂි සැකසුම්, අධ්‍යාපන, සංචාරක, ඉදිකිරීම් සහ සෞඛ්‍ය සේවා යන අංශ සඳහා එහි අගය 30%කි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...