Breaking News

බෝවන ප්‍රතිකාරය

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

දෙවියන් ද නො තකා සිප ගත්ත මිනිසුන්
කොයිතරම් උණුසුම් ද ඒ සුසුම් සුසුමන්
වස විසක් සේ පැමිණ පැතිර ගිය සාතන් ආමේන් කියද්දිත් ලෙඩ කළා මිතුරන්

අබ මිටක් සොයා ගෙන දැන් ඉතිං සෑහෙයි ද ?

අමතක ව ගිය නමුදු අප විසින් සොයා ගත්
එන්නතක් ඇත නුදුරු අඳුරු වන ගුල්මයක
නිමා වන තුරු නො සිට වියරු ව්‍යවසන මැදින්
වහ වහා යා යුතුය එය රැගෙන එනු පිණිස

අවසාන මිනිසාට බෙහෙත් ඖෂධ කුමට ?

බොහෝ දෙන මදක් ගොස් හැරී ගිය මගකින්
ගිය මිසක යළි නාව අඩි ලකුණු අතරින්
එතන ඇති ඒ මහරු නිධානය සොයමින් ඇවිද යා යුතුව ඇත පිපෙන මල් වෙනුවෙන්

පරවෙච්ච මල් මතින් එන පැතුම
ඇසුණා ද ?

එක ම තැනකින් නැඟී පැතිර යන සේ අඳුර
පළමු කිරණක නැඟී පැමිණි අණුවකි එළිය
මුල් ම දෙතොලෙහි ගැටී විනිවිඳින දින ඔසුව
වාහකය වී හමමු ගෙයින් ගෙට දොරින් දොර

හාදුවෙන් පැතිරෙන්නෙ විසබීජ
විතරයි ද ?

 

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

 

 

 

 

 


Infectious treatment

People kissing
Ignoring even god
How hot is that sighing?
When Satan came in and spread the poison, saying Amen
his friends became sick

So is it enough now finding a mustard?

Forgotten, but
There is a vaccine found by us
In the midst of a raging disaster
We have to go quickly to get it

Why does the last man need drugs?

Many have gone a little way
And turned back
Gone but not returned,leaving footprints
You have to walk around
in search of that magnificent treasure for blooming flowers

Wishes coming from paraffin flowers
Did you hear?

Darkness as it rises from one place
Light is a molecule from which the first ray ascended
The date of the first infiltration penetration day
Become a carrier, door to door,
door to door

Does germs spread
Only from kisses?

Translated by -Rasika Jayasekara
Author : Lakshan Maduranga Wickramarathna

leave a reply