හෝම්ස් ගේ දිනපොත

බේකර් වීදියේ පිහිටි
හඩ්සන් මැතිනිය ගේ නිවස
ඔබ දන්නවා ඇති
වොට්සන් කියා ඇති ලෙස ම
නවාතැන් කරුවෙකි
මාද එහි කෙටි කලක

මෙම කුඩා කුටියේ සිට
සතර දිග් භාගයේ පැටලිලි
ඔහු ලිහා තිබුණත් එකල
ලිහා ගනු බැරි පැටලිලි
තිබුණා ද ඔහු තුලම

සැඳෑ සමයේ ලියු
අඳුරු පැහැ දින පොතක්
අල්මාරි පතුලකින්
හමු වූවා මට දිනක්

වැහිබීරුම නැගුණු දිනවල
මෙ කුටිය වෙලාගත් තනිකම
වොට්සන් පවා ටික ටික
මගහැරී ගිය අන්දම
ප්‍රකට තොරතුරු වල
අප්‍රකට තැන් පිළිබඳ
ඔහු ලියා තිබුණා
දිනපොතේ තැන තැන

සිව් රහස් සලකුණු ගැන
ලෝහිත පරීක්ෂණ ගැන
වදනකුදු හෝ දොඩනට
ඉඳහිටකවත් කෙනෙකු
නාවේය පඩිපෙළ නැග

මේ අරුම මිනිසා
සිටින්නේ දැන් මා තුළ
සොයා ගත යුතුවේ

මාව අත් හළ උන්ගෙන්
වොට්සන් කවුද ඒ තුළ ?
මට නවාතැන් පැනවූ
හඩ්සන් කවුද ඒ තුළ ?

චින්තක සමන් හේරත්

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...