ආණ්ඩුවේ උත්සාහය සිසුන් ලෙඩකර මරා දැමීමද?

ත්‍රස්ත පනත යටතේ(PTA)අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ(TID)රදවා සිටි ගල්වැව සිරිදම්ම හිමිට අසනීපවී දින 05ක් පමණ ගතවුවත් කිසිදු ඖෂධයක් ලබාදී නොමැති බව වාර්තා වේ. එම හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියි.

අද සවස් යාමයේ රෝහලට ගිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන්ට එම හිමියන් බැලීමට අවස්ථාව ලබාදී නැත.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොද්‍රිගු පැවසුවේ සිරිධම්ම හිමි අසනීපවී සිටින බව දැනගන්නට ලැබුනේ එම හිමියන්ගේ සහෝදරිය නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයට ගිය අවස්ථාවේ බවයි. එසේම අසනීපවී දින කිහිපයක් ගතව තිබියදීත් සිරි ධම්ම හිමිට කිසිදු ඖෂධයක් හෝ ලබාදී නොමැති බවද වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොද්‍රිගු මෙහිදී පැවසීය. එසේම රෝහල් ගතකිරීම සිදුවුවේ ද සහෝදරියගේ තොරතුරු මත එම හිමියන් අසනීපයෙන් සිටින බව සමාජය දැනගැනීම හරහා මතුවූ විරෝධය නිසා බවද ඔහු පවසයි.

මේ ආකාරයෙන් නොසැලකිලිමත් ලෙස ක්‍රියාකරන්නේ තම සහෝදරවරු ලෙඩ කර මරාදැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නිසාය යන සැකය මතුව බව වැඩබලන කැඳවුම්කරු පවසයි. එසේම ඔහු ප්‍රශ්න කර සිටියේ ත්‍රස්ත විමර්ශන ඒකකය මිනිසුන්ගේ මූලික අයිතීන් සම්බන්ධයෙන් මැදිහත්වීම් කරන්නේ මේ ආකාරයටද යන්නයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...