Breaking News

කොරෝනා වෛරසය මාරාන්තික වන්නේ කාටද?

කොරෝනා වෛරසයේ ආරම්භය සහ ප්‍රමුඛ බලපෑම එල්ල වුනේ චීනයට, අනතුරුව ක්‍රමක්‍රමයෙන් ලෝකය පුරා කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ලෝකය පුරා පැතිර යන්න පටන් ගත්තා. අද දවස වන විට චීනය ඊට මුහුණ දී සාර්ථක ලෙස එය මැඩ පවත්වා තිබෙනවා. නමුත් දැන් ඉතාලිය වෙත මුළු ලෝකයම අවධානය යොමුවෙලා තියෙනවා. කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යන දෙවැනි රට බවට පත්වෙලා තිබෙන්නේ ඉතාලිය. අද මාර්තු මාසේ පළවෙනිදා, මාර්තු මාසේ 14 වැනිදා සවස 5 සිට අද සවස 5.00 දක්වා ගෙවුනු පැය 24 තුල කොරෝනා වෛරසය ආසාදනය වෙච්ච අලුත් රෝගීන් 2853 හමු වෙනවා. අද දවසේ මරණ 368 සිද්ධ වෙනවා.

අද මාර්තු 15 වනදා වන විට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24 747. කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ඉතාලිය lombardia ප්‍රාන්තයටයි .බෙර්ගමෝ 3416 ,බ්‍රෙෂියා 2473 , ක්‍රමෝනා 1792 ,මිලානෝ 1750 , ලෝදී 1320 ලොම්බර්දියා ප්‍රාන්තෙ ප්‍රධාන නගර කීපයක් වන අතර වැඩිපුරම රෝගීන් හමුවෙන නගර බවට මේවා පත්වෙනවා.

වෛරසය ආසාදනය වී සුවය ලබපු සංඛ්‍යාව 2335 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වෙච්ච සංඛ්‍යාව 1809 යයි . මරණ සිදුවී තිබෙන ආකාරයන් පිළිබඳව සැලකිලිමත් උනොත් වයස අවුරුදු 80-89 අතර පිරිසෙන් මරණ ප්‍රතිශතය 42.2%, වයස අවුරුදු 70-79 මරණ ප්‍රතිශතය 32.4% යි ,60-69 මරණ ප්‍රතිශතය 8.4% යි,50-59 මරණ ප්‍රතිශතය 2.8% යි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නිරෝගී පුද්ගලයෙක් මරණයට පත් වීමට තිබෙන ඉඩකඩ අඩු බව තමයි වෛද්‍යවරුන් පවසන්නේ. අධික රුධිර පීඩනය දියවැඩියාව සහ හෘදයාබාධ තිබෙන අයට කොරෝනා වෛරසය ආසාදනය උනොත් බරපතල තත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. විශේෂයෙන්ම ඉතාලියේ සිදුවී තිබෙන මරණ පිළිබඳව සැලකිල්ලට ගත්තොත් එම මරණ කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්, කොරෝනා වෛරසය ආසාදනය වන අවස්ථාව වන විට වෙනත් රෝගයකින් පීඩා විඳිමින් සිටි පුද්ගලයින් මරණයට පත්වී තිබෙන අයගෙන් 15% ක ප්‍රතිශතයක්, කොරෝනා වෛරසය ආසාදනය වන විට වෙනත් රෝග දෙකකින් පීඩාවට පත්වී සිටි පුද්ගලයින් මරණයට පත්වී තිබෙන ප්‍රමාණයෙන් 18.7% ප්‍රතිශතයක් , උදාහරණයක් විදියට කියනවා නම් දියවැඩියාවත් හෘදයාබාධයක් සන වෙනත් රෝගයක් තිබුන එනම් කොරෝනා වෛරසය ආසාදනය වන අවස්ථාව වන විට රෝග තුනක් තිබෙන පුද්ගලයින් මරණයට පත්වී තිබෙන ප්‍රතිශතය 67.2 % යි .

මේ අනුව ගත්කල කොරෝනා වෛරසය නිසා නිරෝගී පුද්ගලයනුත් තරුණ උදවියත් මරණයට පත් වීමට තිබෙන අවස්ථාව ඉතාම අඩුයි. ඉන් කියැවෙන්නේ නැහැ තරුණ අය සහ නිරෝගී පුද්ගලයන් කොරෝනා වෛරසය පිළිබඳව සැහැල්ලුවෙන් සිතිය යුතුයි කියලා. අපි ඔබට කියන්නේ අනතුරක් තිබෙනවා හැබැයි එහෙමයි කියලා අනවශ්‍ය බිය ඇති කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ කියන එකයි.

මූලික වශයෙන්ම වෙනදාට වැඩිය ඔබ පිරිසුදුකම පිළිබඳ සැලකිලිමත් වෙන්න. මුහුණ නිරතුරුවම පිරිසුදුව තබා ගැනීමට වෙහෙස වෙන්න සෑමවිටම සබන් යොදා අත් සෝදන්න. තවත් කෙනෙකු සමග කතා බහ කරන විට මීටරයකට වැඩි දුර ප්‍රමාණයක් තබාගෙන කතාබහ කරන්න පුරුදුවෙන්න. සිප ගැනීම් නොකරන්න ,අතට අත දීම නොකරන්න, දුම්වැටි බෙදාගෙන ඉරීම නොකරන්න,

leave a reply