කටුපොල් නැවත වගා කිරීමේ NPP උත්සාහය පරාජයට පත් කළ යුතුයි .

රටේ වනජීවී, පරිසර සහ රක්ෂිත භූමි ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග අතර පවතින පරස්පරතාව පිළිබඳව අවධානය යොමු කරමින්, රක්ෂිත ගැසට් කිරීමේ ක්‍රියාවලිය සහ කටුපොල් වගාව නැවත ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුව සඳහා පරිසර මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෑකඳවල රාහුල හිමි, ශක්ති මකාවිට සහ සංඛ මලිත් සහභාගී වූනා .

මෙහිදී රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ නාමයෙන් ගනු ලබන තීන්දු සහ අනෙක් පසින් පරිසර පද්ධතිවලට හානිදායක විය හැකි ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම අතර ඇති පරස්පරභාවය පිළිබඳව කරුණු දක්වා, පාරිසරික තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කෙරිණි. පරිසරය ආරක්ෂා කිරීම යනු හුදෙක් ගැසට් නිවේදන නිකුත් කිරීමක් නොව, ඒවා අනුගමනය කරන ප්‍රායෝගික ක්‍රියාමාර්ගවල අඛණ්ඩතාව සහ වගකීම තහවුරු  කරන ක්‍රියාවක් බව පෙන්වා දෙනු ලැබුව.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...