රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ දැවැන්ත මහජන මුදල් නාස්තියක්

රක්ෂණ නියාමන කොමිසමේ හත්දෙනෙක් ඉන්නවා. 2010 ඉදලා 2018 දක්වා අවුරුදු 8 ක කාල සීමාවක් ඇතුලෙ මේ කොමිසමේ සභාපතිවරිය විදියට හිටියේ ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය එය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ බිරිඳ.මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් හා මුදල් අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාව වැනි ආයතන වල සිද්ධ වෙන ඉතාම බරපතළ මහජන මුදල් නාස්ති නීතිවිරෝධී ක්‍රියා සහ දූෂණ සම්බන්ධ තොරතුරු එළියට එමින් තියෙනවා.

දැනට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට ඉන්න ආටිගල මහත්මයා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් වරයෙක් ව සිටියදී මේ කොමිසමේ නියෝජිතයෙක් විදියට පත් කරලා තිබුණා ඔහුගේ බලපෑම අදටත් සිද්ධ වෙමින් යනවා.

දැනට මේ කොමිසමේ සභාපතිවරයා විදිහට දාල තියෙන්නෙ රාසික් සාරුක් ඔහු මේ ආණ්ඩුවට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හිතවාදීව රූකඩයක් විදියට වැඩ කරපු කෙනෙක්.මේ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට පත් කරලා තියෙන්නේ දමයන්ති ප්‍රනාන්දු මහත්මිය. ඇය 2005 දී සහකාර අධ්‍යක්ෂක නීති කියන තනතුරේ හිටියා. ඊට පස්සෙ ඇය නීති අධ්‍යක්ෂකවරිය බවට පත්වුණා. 2013 සිට මේ දක්වා අවුරුදු නමයක් එක දිගට ඇය අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරේ ක්‍රියා කරමින් ඉන්නවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...