රංගන ශිල්පී දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගතකරයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.

අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් දමිතා අබේරත්න වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය ඊයේ (07) දමිතා අබේරත්න අධිකරණය ඉදිරිපත් කර තිබුණි .

ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායිකාවට ඇප ලබාදෙන ලෙසට සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියත් එක් සිද්ධියකට ඇප මත සිටිමින් එවැනිම වරදක් සිදු කිරීම මත ඇප පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දමිතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...