Breaking News

රංගන ශිල්පී දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගතකරයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.

අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් දමිතා අබේරත්න වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය ඊයේ (07) දමිතා අබේරත්න අධිකරණය ඉදිරිපත් කර තිබුණි .

ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායිකාවට ඇප ලබාදෙන ලෙසට සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියත් එක් සිද්ධියකට ඇප මත සිටිමින් එවැනිම වරදක් සිදු කිරීම මත ඇප පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දමිතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

leave a reply