88 – 89 අරගල සමයේ එක්සත් ජාතික පක්ෂ මර්නධයට හසුව මිය ගිය රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සගයන් අනුස්මරණය කිරීම නොවැම්බර් 13 වන දාට යෙදී තිබුණා . මෙම මර්නධන ඉතිහාසයට තිස් එක් වසරක් ගෙවී තිබුණද අනාගත අරගලයේ පන්නරය වෙනුවෙන් ඔවුන්ගෙන් උකහා ගත යුතු දේ අපමණයි.
පවතින තත්වය හමුවේ ඒකරාශී වී ඉල්මහා විරුවන් සැමරීමට නොහැකි වටපිටාවක් යටතේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ අන්තර්ජාලය ඔස්සේ ප්රධාන සමරු දෙක පවත්වනු ලැබූ. ජනතා විමුක්ති පෙරමුණේ සමරුව වර්තමාන පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමරුව ආමන්ත්රණය කරනු ලැබුවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කර තිබුණු සමරුවේ ප්රධාන දේශනය කරනු ලැබුවේ පෙ.ස.ප. සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා විසින්.