Breaking News

ගෝඨගේ ආරක්ෂාව වෙනුවෙන් අලි සබ්රි විදේශ කටයුතු ඇමති.

සුමන්තිරන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ පත් කර ඇති කැබිනට් මණ්ඩලයේ සැඟව ඇති විමසිලිමත් ව නිරීක්ෂණය කළ යුතු කරුණක් හෙළිදරව් කළා.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ රටෙන් පලවා හැර තිබෙනවා. එපමණක්ද නොව ලෝකය තුළ අනාථයෙක් බවට පත්වෙලා ඉන්නවා. එහෙම වෙන්නේ රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වයටත් වඩා ජනතාවගේ උදහසට ලක්ව රටින් පලවා හැරි ජනාධිපතිවරයකු නිසා ඔහුව පිළිගැනීමට අනිත් රටවල් මැලි වීම හේතුවෙන්.

මොකක්ද මේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිරීක්ෂණය.

ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාට නඩු 35 ක් තියෙනවා. ඒ බව මාධ්‍යයට ප්‍රකාශ කළේ ඔහුගේ නීතිඥවරයා. මේ නීතිඥ වරයා කවුද? ඔහු අපි කවුරුත් දන්න අලි සබ්රි නීතිඥවරයා. ගෝඨාභයගේ නඩු 35 ගැන ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන් බව ප්‍රකාශ කළේ ඔහු. අලි සබ්රි කියන්නේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන ගෝඨාභය විසින් අධිකරණ ඇමති බවට පත් කරගත් හාදයා. ගෝඨාභය බලයේ සිටි කාලයේ දී ඔහුගේ ද, ඥාතීන්ගේ ද, හිත මිතුරන්ගේ ද, සියලූ නඩු නිදොස් කොට නිදහස් කර ගැනීමේ අපූරු වික්‍රමාන්විත නීතියා ක්‍රියාවට නැගුවා. ඒ අනුව දැන් ඔවුන් කාටවත් ලංකා භූමිය තුළ නඩු නැහැ වැරදි කාරයෝ නෙවෙයි.

අලි සබ්රිට රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන්න වාසනාව ලැබෙනවා.

මෙන්න මෙතනදී ඔය සුමන්තිරන්  මන්ත්‍රීවරයා කියන නිරීක්ෂණය නිවැරදි වෙන්න ඉඩ වැඩියි. රනිල් සහ රනිල්ගේ ගෝලබාලයෝ මේ වනවිට කර ඇති දේවල් නිරීක්ෂණය කරද්දී අපට ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් තමයි රාජපක්ෂලාගේ ආරක්ෂාව වෙනුවෙන් මොවුන් පෙනී සිටින බව. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිරීක්ෂණය හරහා රාජපක්ෂලා වෙනුවෙන් රනිල් පෙනී සිටින බව තවදුරටත් තහවුරු කර දෙනවා.

ගෝඨාභය දැන් යන එන මං නැතුව ඉන්නෙ රාජ්‍ය මැදිහත් වීම හරහා ගෝඨාභයගේ ස්ථිර නවාතැන නිර්මාණය කර දිය යුතුයි. රනිල්ගේ කර මත තිබෙන තවත් රාජපක්ෂලාගේ ප්‍රශ්නයක් තමයි ඒක.

අලි සබ්රි ගෝඨාභයගේ නීතිඥවරයා.

අලි සබ්රි ගෝඨාභයගේ අධිකරණ ඇමතිවරයා.

රනිල්ගේ ආණ්ඩුවේ අලි සබ්රි කවුද? ඔහු තමයි රනිල්ගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති.

සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ අමාත්‍ය ධුරය පිළිබඳව සැක සහිතව අදහස් ප්‍රකාශ කරන්නේ සබ්රිගේ අමාත්‍යධුරය සහ අලි සබ්රිගේ සේවාදායකයා වූ හිටපු ජනාධිපති ගෝඨාභයගේ සබඳතාවය තහවුරු කරමින්. මෙතනදී තමයි යන එන මං නැතිව සිටින ගෝඨාභය රාජපක්ෂට හිසට වහලක් නිර්මාණය කරදීම සඳහා ඔහුගේ සුවච කීකරු නීතිඥ අලි සබ්රිව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් පත් කරන්නේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයා සැක පළ කර තිබෙන්නේ මේ පත්කිරීම රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන්ය යන්න පිළිබඳවයි.


leave a reply