Breaking News

විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සහ අන්තර්ජාල අධ්‍යපනය ගැන අන්තරෙන් යෝජනාවලියක්

පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගැන්වීම් කටයුතු කිරීම තුළින් මතුවන ගැටලු පිළිබඳව සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන ඇමතිවරායට ලිපියක් යොමුකර තිබේ. එම ලිපියේ ගැටලු සඳහා ලැබිය යුතු විසඳුම් පිළිබඳ යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇත. එසේම මේ පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද ඉදිරියේදී බලාපොරොත්තු වෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ගැටලු සඳහා ලැබිය යුතු විසඳුම් පිළිබඳ යෝජනාවලියේ සාරාංශයක් පහත දැක්වේ.

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු සහ විසඳුම් ලබාදිය යුතු සුභසාධන ගැටලූ යටතේ

නේවාසිකාගාර පහසුකම් පුළුල් කිරීම
නේවාසිකාගාර අහිමිව බෝඩිං නිවෙස්වල වෙසෙන සිසුන්ට නේවාසිකාගාර පහසුකම් සැපයීම
දේශනශාලා පහසුකම් පුළුල් කිරීම
සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම
ආපනශාලා පහසුකම් පුළුල් කිරීම
වෛද්‍ය මධ්‍යස්ථානවල පහසුකම් පුළුල් කිරීම
විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම

දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය යටතේ අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේදී මතුවන ගැටලූ සහ ලැබිය යුතු විසඳුම්

අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඇති හැකියාව පිළිබඳ සියලූ සිසුන්ගේ තොරතුරු ඇතුළත් දත්ත වාර්තාවක් සකස් කිරීම
අන්තර්ජාල, පරිගණක ඇතුළු පහසුකම් හි`ග වීම හේතුවෙන් අධ්‍යයන කටයුතුවලට සහභාගී විය නොහැකි සිසුන්ට එම පහසුකම් සැලසීම
අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීම
විභාග පැවැත්වීම හා විශේෂවේදී විෂයයන් තෝරාගැනීම
දුරස්ථ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ නාමපුවරුවට මුවා වී සිදුකරන අවිධිමත් කටයුතු තුළින් සිසුන් අපහසුතාවයට පත් කිරීම හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහෙලීම වහාම නතර කළ යුතුය.
මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වැඩි කිමරී හා නියමිත කාලයේදී සිසුන්ට ලබාදීම
විශේෂ ප‍්‍රවේශය යටතේ පළමු වසර බඳවාගැනීම් සිදුකිරීම
විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් ගාස්තුවලින් නිදහස් කිරීම

අධ්‍යාපන ඇමතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

බන්දුල ගුණවර්ධන මහතා,
උසස් අධ්‍යාපන අමාත්‍ය,
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,
වෝර්ඞ් පෙදෙස,
කොළඹ 07.
2020/05/11

ඇමතිතුමනි,
අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු කිරීමේදී සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමේදී පාලකයන් විසින් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු කරුණු සම්බන්ධවයි.

පවතින කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට සියලූ පාසල් හා විශ්වවිද්‍යාල වසා දමා තිබේ. එහෙයින් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල අඩාලව පවතින අතර නැවත එම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විවිධ ප‍්‍රවේශයන් ඉදිරිපත් කරමින් පවතියි. ඒ අනුව වරෙක විශ්වවිද්‍යාල හා පාසල් මැයි 11 දින ආරම්භ කිරීමට දින පවා නියම කරමින් නිවේදන නිකුත් කළ අතර දැන් නැවතත් එම සාකච්ඡුාව ඉදිරියට ගැනෙමින් තිබෙයි. එසේම විශ්වවිද්‍යාලවල දුරස්ථ අධ්‍යාපන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබේ. එසේ නැවත විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නම් හෝ ආරම්භ කිරීමට මත්තෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ නම් එයට පෙර ඉතා කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලූ රාශියක් පිළිබඳව අවධානය යොමු කිරීමට අවශ්‍යය. එසේම වසංගත තත්ත්වය විසින් උද්ගත වූ තවත් ගැටලූ රාශියක් විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රය තුළ පවතින අතර එයින් මූලිකම කරුණු කිහිපයක් පිළිබඳව පහතින් දක්වනු ලැබේ.

01. විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු සහ විසඳුම් ලබාදිය යුතු සුභසාධන ගැටලූ.

• නැවත විශ්වවිද්‍යාල ආරම්භ කිරීම – මැයි මස 11 දින විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට දින නියම කරමින් අප්‍රේල් 11 දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් වරෙක නිවේදනයක් පවා නිකුත් කළ අතර එහිදී සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන්, අනතුරු ඇගවීම් පිළිබඳ කිසිදු සලකා බැලීමක් සිදුකර තිබුණේ නැත. පළමු කාරණය නැවත විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අංශවල නිර්දේශයන් ලබාගත යුතු අතර සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමි වූ තත්ත්වයක් යටතේ පමණක් විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සිදු කළ යුතුය. එසේම විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට මත්තෙන් ඒ ඒ විශ්වවිද්‍යාලවල පවතින තත්ත්වයන් සම්බන්ධව විශ්වදවි්‍යාල පාලන අධිකාරිය සමග සහ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් සම`ග සාකච්ඡුා කළ යුතුය.

• නැවත විශ්වවිද්‍යාල ආරම්භ කරන විට අනිවාර්යයක් ලෙස අවධානය යොමු කළ යුතු කරුණු රාශියක් තිබේ. විශේෂයෙන්ම වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන බවට කිසිවෙකුට නිගමනය කළ නොහැකි අතර නැවත විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වන විටත් එම අවදානම යම් හෝ මට්ටමකින් සමාජය තුළ පවතී. එහෙයින් එවන් අවිනිශ්චිත තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේදී සිසුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්යමණ්ඩල, පිරිසිදු කිරීම් කටයුතු කරන සේවකයන් ආදී දහස් ගණනක් අවදානමට පාත‍්‍ර වේ. එහෙයින් නැවත විශ්වවිද්‍යාල ආරම්භ කරන විට විශ්වවිද්‍යාල ප‍්‍රජාවට සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ හැකි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. එහෙයින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පෙර පහත සඳහන් පහසුකම් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුය.

• නේවාසිකාගාර පහසුකම් පුළුල් කිරීම – විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර පහසුකම් ඉතා සීමිත වන අතර එහෙයින්ම පවතින නේවාසිකාගාරවල විශාල පිරිස් තදබදයක් පවතී. එක් නේවාසිකාගාර කාමරයක් තුළ සිසුන් 05 සිට 10 දක්වා හෝ ඊටත් වැඩි ගණනක් හෝ රැඳී සිටීමට සිදුව තිබේ. මෙම තත්ත්වය සියලූම විශ්වවිද්‍යාලවලට පොදු තත්ත්වයකි. වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව නොගිය තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමේදී මෙම නේවාසිකාගාර තදබදය අනිවාර්යයක් ලෙස විසඳුම් ලැබිය යුතු ප‍්‍රශ්නයක් වන අතර එසේ නොමැති වුවහොත් විශාල සිසුන් ප‍්‍රමාණයක් අවදානමට පාත‍්‍ර වේ. මේ සඳහා කුලී පදනමින් තාවකාලිකව හෝ නේවාසිකාගාර විශ්වවිද්‍යාලයට පවරා ගැනීම සිදු කළ යුතු අතර අනාරක්ෂිත හැ`ගීමකින් තොරව සෞඛ්‍යාරක්ෂිතව සිසුන්ට නේවාසිකාගාරවල සිටීමට හැකිවිය යුතුය. නේවාසිකාගාර තුළ සනීපාරක්ෂක පහසුකම් බහුල කිරීමද සිදු කළ යුතු අතර තදබදයකින් තොරව නේවාසිකාගාරවල සිටීමට සුදුසු පරිසරයක් සැකසිය යුතුය.

• නේවාසිකාගාර අහිමිව බෝඩිං නිවෙස්වල වෙසෙන සිසුන්ට නේවාසිකාගාර පහසුකම් සැපයීම – විශ්වවිද්‍යාල තුළ උග‍්‍ර නේවාසිකාගාර අර්බූදයක් පවතින නිසාවෙන් බහුතරයක් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර පහසුකම් හිමි වන්නේ ඉතා සීමිත සිසුන් ප‍්‍රමාණයකට පමණි. එහෙයින් දහස් ගණනක් සිසුන් විශ්වවිද්‍යාල අවට ප‍්‍රදේශයේ කිලෝමීටර් කිහිපයක්ම ඈතට යන තුරු පවතින බෝඩිං නිවෙස්වල නවාතැන් ගෙන සිටී. දිවයිනේ සියලූම ප‍්‍රදේශවලින් විශ්වවිද්‍යාලවලට සිසුන් පැමිණෙයි. එසේම විශ්වවිද්‍යාල තුළ ඉතා සීමිත ඉඩකඩක විශාල සිසුන් ප‍්‍රමාණයක් එකට රැඳී සිටියි. එවැනි තත්ත්වයක් තුළ බෝඩිං නිවෙස්වල දහස් ගණනක් සිසුන්ට පදිංචිව සිටින්නට සිදුවීමෙන් බරපතල අවදානමක් ඉස්මතු වීම නොවැළැක්විය හැකිය. බෝඩිං තුළ සෞඛ්‍යාරක්ෂිත පහසුකම් තබා අධ්‍යයන කටයුතු කිරීමටවත් සුදුසු පරිසරයක් නැත. බෝඩිං නිවෙස් තුළ සිටින සිසුන් පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාකධිාරියට වගකීමක් පැවරෙන්නේ ද නැත. යම් හෙයකින් බෝඩිං නිවෙස්වල නවාතැන්ගෙන සිටින එක් ශිෂ්‍යයෙකු හෝ වසංගතයට නිරාවරණය වීමක් සිදු වුවහොත් විශ්වවිද්‍යාලය තුළ දහස් ගණන් සිසුන් අවදානමට පාත‍්‍ර වීමට එය ප‍්‍රමාණවත්ය. එසේම සෑම ප‍්‍රදේශයකම සිසුන් විශ්වවිද්‍යාලවල සිටින හෙයින් එවැන්නක් සිදුවුවහොත් රටපුරා නැවත වටයකින් වසංගතය පැතිර යාමට පවතින ඉඩකඩ වැඩිය. වැලිසර නාවික හමුදා කඳවුරෙන් මේ සඳහා හොඳම උදාහරණ දැනටමත් සපයා ඇති අතර විශ්වවිද්‍යාල තුළිනුත් එවැන්නක් සිදුවිය යුතු නැත. එසේම වසංගත තත්ත්වය විසින් සමාජය තුළ ඇති කර තිබෙන අනාරක්ෂිත මානසිකත්වය හේතුවෙන් බහුතරයක් සිසුන්ට වෙනදා මෙන් බෝඩිං නිවෙස් සොයාගැනීම ද පහසු කටයුත්තත් නොවනු ඇත. එහෙයින් නැවත විශ්වවිද්‍යාල විවෘත කිරීමේදී සිසුන් අවදානමකට පාත‍්‍ර නොකර බෝඩිං නිවෙස්වල සිටින සියලූ සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදිය යුතුය. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බලධාරීන් භාරගත යුතුය. මේ සඳහා කුලී පදනමින් තාවකාලිකව නේවාසිකාගාර සඳහා ගොඩනැගිලි පවරාගැනීම සිදු කළ යුතුය.

• දේශනශාලා පහසුකම් පුළුල් කිරීම – දේශන ශාලා ගැටලූව ද සියලූම විශ්වදවි්‍යාල තුළ පවතින උග‍්‍ර ගැටවලූක් වන අතර සීමිත ඉඩකඩ හේතුවෙන් ඇතැම් තැනෙක සිසුන් දේශනශාලාවලින් පිටත සිට දේශන සඳහා සම්බන්ධ වන අවස්ථා පවා තිබෙයි. වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ දුරස්ථභාවය ඇති කිරීමේදී මෙම තත්ත්වය බාධාකාරී වන අතර එහෙයින් දේශනශාලා පහසුකම් පුළුල් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

• සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම – සිසුන් දහස් ගණනක් සිටින විශ්වවිද්‍යාල තුළ සනීපාරක්ෂක පහසුකම් ද ඉතා සීමිතය. ප‍්‍රමාණවත් තරම් වැසිකිළි කැසිකිළි පහසුකම්වත් විශ්වවිද්‍යාල බහුතරයක් තුළ නැත. විශේෂයෙන්ම රජරට, රුහුණ, සබරගමුව, අග්නිදිග, නැගෙනහිර වැනි විශ්වවිද්‍යාල තුළ දිගින් දිගටම පවතින උග‍්‍ර ජල හිගයක් ඇත. වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරීම අනිවාර්ය කටයුත්තක් වන අතර ජල හිගයක් පවතින තත්ත්වයක් තුළ කිසිසේත් එය යථාර්ථයක් වන්නේ නැත. එහෙයින් ජලය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රමාණවත් පරිදි සැපයීම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මත්තෙන් අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

• ආපනශාලා පහසුකම් පුළුල් කිරීම – විශ්වවිද්‍යාල තුළ පවතින ආපනශාලා පහසුකම් ඉතා සීමිත ය. උදේ, දිවා, රාත‍්‍රී ආහාර වේලාවන් තුළදී දිගු පෝලිම් දකින්නට ලැබෙන්නේ ඒ නිසාය. පීඨ කිහිපයක, වසර කිහිපයක දහස් ගණන් සිසුන් එක්වර ආපන ශාලා තුළ රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුවේ. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් විශ්වවිද්‍යාල තුළ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමට නම් ආපනශාලා තුළ පවතින තදබදයට ඉක්මන් විසඳුම් ලැබිය යුතුය. ඒ සඳහා ආපන ශාලා පහසුකම් පුළුල් කිරීම සිදු කළ යුතුය.

• වෛද්‍ය මධ්‍යස්ථානවල පහසුකම් පුළුල් කිරීම – විශ්වවිද්‍යාල තුළ පවතින වෛද්‍ය මධ්‍යස්ථානවල පහසුකම් ඉතා සීමිත වන අතර ඉඩකඩ, ඖෂධ, කාර්යමණ්ඩල ආදී සියලූ පහසුකම් වහා සම්පූර්ණ කිරීම කළ යුතුය. රජරට වැනි විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථීර වෛද්‍යවරයෙකුවත් නොමැත. එහෙයින් පසුගිය වසර කිහිපය පුරාම ඩෙංගු, ඉන්ෆ්ලූවෙන්සා වැනි රෝග පැතිර යාමේදී සිසුන් සිය ගණන් රෝගී වූ අතර වරින් වර විශ්වදවිද්‍යාල වසා දැමීමට ද සිදුවිය. මේ හේතුවෙන් වසංගත තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සලකා බලා වෛද්‍ය මධ්‍යස්ථාන තුළ පහසුකම් පුළුල් කිරීම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මත්තෙන් සිදු කළ යුතුය. ඒ සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩල පුළුල් කිරීම, ඖෂධ හි`ගයට පිළියම් යෙදීම, නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමේ පහසුකම් සැලසීම සිදු කළ යුතුය.

• විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම – ජයවර්ධනපුර, කැලණිය, කොළඹ, මොරටුව, නැගෙනහිර ඇතුළු විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට තීරණය කර ඇත. එලෙස නිරෝධායන මධ්‍යස්ථාන ලෙස විශ්වවිද්‍යාල භාවිතා කිරීම සිදු කළත්, නොකළත් ආරම්භ කිරීමට මත්තෙන් සියලූ විශ්වවිද්‍යාලවල සියලූ පරිශ‍්‍රයන් විෂබීජහරණයට ලක්කිරීම සිදු කළ යුතුය. එසේම විශ්වවිද්‍යාල ආරම්භ කළ පසු ද විෂබීජහරණ වැඩපිළිවෙළක් අඛණ්ඩව ක‍්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කළ යුතුය.

ඉහත සඳහන් කළ නේවාසිකාගාර හිගය, ආපනශාලා හිගය, දේශනශාලා ප‍්‍රමාණවත් නොවීම, වෛද්‍ය මධ්‍යස්ථානවල පහසුකම් පුළුල් කිරීම, ජල හිගය ඇතුළු සුබසාධන ගැටලූ සම්බන්ධයෙන් කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමන්නට බොහෝ පෙර සිටම විසඳුම් ඉල්ලා අරගල කරන්නට සිදු වූ බවත්, ඒ ඉල්ලීම්වලට ඇහුම්කම්දීමට පාලකයන් මැලි වූ බවත් සිහිපත් කළ යුතුය. මෙම වසංගත තත්ත්වය යටතේත් ලැබෙනුයේ එම ප‍්‍රතිචාරයන්ම නම් කෙසේවත් වසංගතයෙන් විශ්වවිද්‍යාල ආරක්ෂා කරගැනීමට නොහැකි වනු ඇත. එහෙයින් මෙම පහසුකම් සම්පාදනය කිරීමකින් තොරව විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන්නේ නම් එය සිසුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන්, පිරිසිදු කිරීම් අංශවල සේවකයන් ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල ප‍්‍රජාවම අනතුරේ හෙලීමක් වනු ඇත. එවැන්නකට අපට කිසිසේත් එකග විය නොහැකිය.

02. දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය යටතේ අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේදී මතුවන ගැටලූ සහ ලැබිය යුතු විසඳුම්.

• අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඇති හැකියාව පිළිබඳ සියලූ සිසුන්ගේ තොරතුරු ඇතුළත් දත්ත වාර්තාවක් සකස් කිරීම – අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මේ වන විට දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය යටතේ අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. මෙම අධ්‍යාපන ක‍්‍රමය මෙරට සිසුන්ට හුරුපුරුදු වූවක් නොවන අතර එවැන්නක් එක්වරම ආරම්භ කිරීමෙන් මුහුණ දෙන්නට සිදුවන ගැටලූ රැුසක් තිබේ. එසේම පවතින සමාජ, ආර්ථික කොන්දේසි තුළ සිසුන්ට අන්තර්ජාලය හරහා අධ්‍යයන කටයුතුවල යෙදීමට සිදුවීමේදී මතුවන ගැටලූ රාශියක් තිබේ. එහෙයින් සිසුන් මෙම අධ්‍යාපන ක‍්‍රියාවලියට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳව පූර්ණ අවබෝධයක් බලධාරීන්ට පැවතිය යුතුය. එම නිසා අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතුවලට සහභාගී වීමට පවතින හැකියාව පිළිබඳ සියලූම විශ්වවිද්‍යාලවල, සියලූම පීඨවල, සියලූම සිසුන්ගෙන් විධිමත් ක‍්‍රමවේදයක් හරහා තොරතුරු විමසා දත්ත වාර්තාවක් විශ්වවිද්‍යාලය විසින් සකස් කළ යුතු වේ. අන්තර්ජාල ආවරණ කලාප, පරිගණක හෝ අවශ්‍ය යෙදවුම් සහිත ජංගම දුරකතන, අන්තර්ජාලය භාවිතා කරමින් ඉගෙනගැනීමට අවශ්‍ය මූල්‍යමය හැකියාවන් සහ අධ්‍යයන කටයුතු කිරීමට අවශ්‍ය පොත්පත් ඇතුළු අනෙකුත් පහසුකම් සියල්ල එම දත්ත වාර්තාවට ඇතුළත් විය යුතුය. සියලූ සිසුන්ගේ තොරතුරු ඇතුළත් එවන් දත්ත වාර්තාවක් ලබාගැනීම තුළින් මෙම අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු කිරීමේ ක‍්‍රමවේදය සාර්ථක ද අසාර්ථක ද යන්න වටහාගත හැකි වනු ඇත.

• අන්තර්ජාල, පරිගණක ඇතුළු පහසුකම් හි`ග වීම හේතුවෙන් අධ්‍යයන කටයුතුවලට සහභාගී විය නොහැකි සිසුන්ට එම පහසුකම් සැලසීම – අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් වූවත් සියලූ සිසුන් එයට සම්බන්ධ කරගත නොහැක්කේ නම් එම වැඩපිළිවෙළ අසාර්ථක වීම වැළැක්විය නොහැකිය. එහෙයින් අන්තර්ජාල ආවරණ කලාපවලින් බැහැරව සිටින, පරිගණක හෝ අදාළ යෙදවුම් සහිත ජංගම දුරකතන ආදී පහසුකම් නොමැති සිසුන් අධ්‍යාපන ක‍්‍රියාවලියට සම්බන්ධ කරගැනීමේ සැලසුමක් විශ්වවිද්‍යාලවලට තිබිය යුතුය. ඒ සඳහා පහසුකම් නොමැති සිසුන්ට එම පහසුකම් රජය මගින් සැලසීම කළ යුතුය.

• අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීම – අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී සිසුන් හට නොමිලේ අදාළ වෙබ් අඩවි පරිහරණය කිරීමට අවස්ථාව සලසන බව ප‍්‍රකාශ කෙරුණ ද මෙතෙක් ඒවා ක‍්‍රියාවට නැංවී නැත. එහෙයින් සිසුන්ට දේශන සඳහා සහභාගී වීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. විශේෂයෙන්ම එක් දේශනයක් අවම පැයකට ආසන්න කාලයක් පැවැත්වෙන අතර එහි දී එක් දේශනයක් සඳහා අවම ඵැට් ඉසඑැ 300කට ආසන්න ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. එහෙයින් පොරොන්දු වූ පරිදි වහාම අන්තර්ජාල පහසුකම් සඳහා මුදල් අය කිරීම නතර කළ යුතු අතර පවතින වසංගත තත්ත්වය හේතුවෙන් දෙමාපියන්, සිසුන් විශාල ආර්ථික ගැටලූවලට මුහුණ දෙමින් සිටින බව අනිවාර්යෙන් සලකා බැලිය යුතුය.
ඉහත සඳහන් කළ කරුණු අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේදී සම්පූර්ණ කළ යුතු පදනම් අවශ්‍යතාවන් වන අතර එම අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමකින් තොරව යෝජිත දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම ඵල රහිතය. දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා සියලූ සිසුන් සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. පහසුකම් සහිත සිසුන්ට පමණක් අධ්‍යයන අවස්ථා විවෘත කරමින් පහසුකම් සපයාගත නොහැකි සිසුන් නොසලකාහරිමින් ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළකට කිසිසේත් එක`ගවීම කළ නොහැකිය. එහෙයින් ඉහත පදනම් අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට රජය අසමත් වන්නේ නම් මේ කි‍්‍රයාත්මක කරන දුරස්ථ අධ්‍යාපන වැඩපිළිවෙළ නතර කළ යුතුය. එසේ නොමැතිව දිගින් දිගටම පවතින අවිධිමත් ක‍්‍රමවේදයටම දුරස්ථ අධ්‍යාපන කටයුතු ක‍්‍රියාත්මක කරන්නේ නම් විශාල සිසුන් ප‍්‍රමාණයක් අධ්‍යාපන ක‍්‍රියාවලියෙන් පිටමං වනු ඇත.

• විභාග පැවැත්වීම හා විශේෂවේදී විෂයයන් තෝරාගැනීම – අන්තර්ජාලය භාවිතා කරමින් විභාග කටයුතු පැවැත්වීම හා විශේෂවේදී විෂයයන් තෝරාගැනීම සඳහා ඇතැම් විශ්වවිද්‍යාල තුළ කටයුතු සිදුකෙරෙමින් පවතියි. රජරට විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ට විශේෂවේදී විෂයයන් තෝරාගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ විභාගයක් පවත්වන්නට කටයුතු කළ අතර සිසුන් එකග නොවීම හේතුවෙන් එය වැළකී ගියේය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ද මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශයේ ද විශේෂවේදී පාඨමාලාවට සිසුන් තෝරාගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ විභාග පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතියි. පහසුකම් නොමැති වීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු මගහැරෙන සිසුන්ට මෙය විශාල අසාධාරණයක් වන අතර විශේෂයෙන්ම නිවෙස්වල සිටින සිසුන්ට විභාග සඳහා මුහුණ දීමට තරම් අධ්‍යයන මානසිකත්වයක් හෝ එවැන්නක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරයක් හෝ නොමැති බව බලධාරීන් වටහාගත යුතුය. එහෙයින් විභාග කටයුතු පැවැත්වීම හා විශේෂවේදී විෂයයන් තෝරාගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ ඉහත සඳහන් කළ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමකින් තොරව සිදු නොකළ යුතු අතර සහභාගී විය හැකි සිසුන් පමණක් සම්බන්ධ කරගනිමින් දැනටමත් පැවැත්වූ විභාග හෝ යෝග්‍යතා පරීක්ෂණ වේ නම් ඒවා අත්හිටවිය යුතුය.

• මෙයට අමතරව තවත් අමතර කරුණු කිහිපයක් මෙහිදී සඳහන් කළයුතුව තිබේ. ඇතැම් විශ්වවිද්‍යාලවල අන්තර්ජාලය හරහා දේශනවලට සහභාගීවීම අනිවාර්ය කර ඇති අතර 80% ප‍්‍රතිශතයද ගණනය කරනු ලබයි. එසේම නිබන්ධන, පැවරුම් ආදිය ද අන්තර්ජාලය හරහා ලබාදෙන අතර ඒවා සම්පූර්ණ කිරීම අනිවාර්ය කර ඇත. අවම වශයෙන් අනතර්ජාලය හරහා කෙරෙන දේශනයකට හෝ සිසුන්ට සම්බන්ධ විය නොහැකි තත්ත්වයක් යටතේ 80% ගණනය කිරීම හෝ පැවරුම්, නිබන්ධන අනිවාර්ය කිරීම හෝ හුදු විහිළුවක් පමණි. සිසුන්ට අන්තර්ජාලය හරහා දේශනවලට සම්බන්ධ වීමට නොහැකි වී ඇත්තේ 80% අනිවාර්ය නොකිරීම නිසා නොවේ. කැලණිය ශාස්ත‍්‍ර පීඨයේ අවසන් වසර සිසුන්ට නිබන්ධන සඳහා මාතෘකා අනුමැතියට ඉදිරිපත් කිරීම අන්තර්ජාලය හරහා සිදු කරන්නට දැනුම් දී ඇත. අවම වශයෙන් පුස්තකාල පහසුකම්වත් භාවිතා කිරීමට නොමැති තත්ත්වයක් තුළ එවැන්නක් සිදු කිරීම සිසුන් දැඩි ලෙස අපහසුතාවයකට පත් කිරීමකි. එසේම රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ අවසන් වසර සිසුන්ට ආයතන පුහුණුව හෝ අමතර විෂයය ඒකක තෝරාගැනීමට උපදෙස් දී ඇති අතර එය ද සිසුන් හට කඩිමුඩියේ සිදු කළ හැක්කක් නොවේ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමීමෙන් පසු සිසුන් නික්ම ගියේ නිවෙස්වලට මිස අධ්‍යාපන මධ්‍යස්ථානවලට හෝ පුස්තකාලවලට නොවන බව බලධාරීන් සැලකිල්ලට ගත යුතුය. එසේම ඇතැම් විෂයයන් සඳහා දේශනවලට සම්බන්ධවීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර ක්‍ෂේත‍්‍ර චාරිකා හා ප‍්‍රායෝගික පරීක්ෂණ කටයුතු සිදුකිරීම අවශ්‍යය. ඒවා අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි දේවල් නොවේ. එහෙයින් දුරස්ථ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ නාමපුවරුවට මුවා වී සිදුකරන අවිධිමත් කටයුතු තුළින් සිසුන් අපහසුතාවයට පත් කිරීම හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහෙලීම වහාම නතර කළ යුතුය.

• මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වැඩි කිමරී හා නියමිත කාලයේදී සිසුන්ට ලබාදීම – තවමත් විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙනුයේ මහපොළ වාරික රුපියල් 5000ක් හා ශිෂ්‍යාධාර වාරික රුපියල් 4000ක ප‍්‍රමාණයකි. කොරෝනා වසංගතය පැමිණෙන්නට පෙර සිසුන් මහපොළ හා ශිෂ්‍යාධාර රුපියල් 10000ක් දක්වා වැඩි කළ යුතු බවට උද්ඝෝෂණය කළේ සාමාන්‍ය තත්ත්වයක් යටතේවත් රුපියල් 5000 ප‍්‍රමාණවත් නොවන බැවිණි. එහිදී රජය සමග සිදුකළ සාකච්ඡාවලදී මහපොළ හා ශිෂ්‍යාධාර වැඩි කිරීමට එකග වූ නමුත් මේ වන තෙක් එම ඉල්ලීම් ඉටු වී නැත. පවතින විශේෂ තත්ත්වය හමුවේ කිසිසේත්ම මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය ප‍්‍රමාණවත් නොවේ. වසංගත තත්ත්වය හමුවේ එදිනෙදා ආදායම් ලැබූ දෙමාපියන් හට ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇත. එහෙයින් අධ්‍යාපන කටයුතුවලට සිසුන්ට සම්බන්ධ වීමට සිදුවන්නේ නිවෙස්වල ආර්ථික කටයුතු සඳහා ද මැදිහත් වීමක් කරන අතරතුරය. එවන් තත්ත්වයක් යටතේ අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදුවීම විසින් අමතර වැය බරකුත් සිසුන්ට දරන්නට සිදුව තිබේ. එහෙයින් මහපොළ හා ශිෂ්‍යාධාර වාරික එකග වූ පරිදි වැඩි කිරීම දැන්වත් සිදු කළ යුතුය. එසේම තවමත් ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන් හට ලැබෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ප‍්‍රමාණයවත් මාස ගණනකින් ලැබී නොමැත. (උදා – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන්ට මාස තුනකින් මහපොළ වාරික තවමත් ලැබී නැත.) එහෙයින් මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ප‍්‍රමාද නොකර සිසුන්ට ලබාදීම වහාම සිදු කළ යුතුය.

එසේම මහපොළ හා ශිෂ්‍යාධාර හිමි නොවන නමුත් ආර්ථික අපහසුතා මැද ජීවත්වන සිසුන් තවත් විශාල ප‍්‍රමාණයක් සිටී. මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ලබාදීමේදී සලකා බලන ආදායම් සීමාව වසර ගණනාවකින් ඉහළ දමා නොමැති අතර මහපොළ හා ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවැත්වූ සාකච්ඡාවලදීත් මේ පිළිබඳව අප කරුණු දක්වා ඇති අතර මේ වන තෙක් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකර නැත. එහෙයින් පවතින විශේෂ තත්ත්වය පිළිබඳව සලකා බලා මහපොළ හා ශිෂ්‍යාධාර වාරික නොලැබෙන නමුත් එම අවශ්‍යතාව පවතින සියලූ සිසුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමත් ඔවුන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ලැබෙන්නට සැලැස්වීමත් සිදු කළ යුතුය.

• විශේෂ ප‍්‍රවේශය යටතේ පළමු වසර බඳවාගැනීම් සිදුකිරීම – විශ්වවිද්‍යාල වසා දමන විට ඇතැම් විශ්වවිද්‍යාලවල සාමාන්‍ය ප‍්‍රවේශය යටතේ සිසුන් බඳවාගෙන අවසන්ව තිබුණු අතර විශේෂ ප‍්‍රවේශයෙන් එම අධ්‍යයන වර්ෂයට ඇතුළත්විය යුතු සිසුන් තවම බඳවාගැනුනේ නැත. අන්තර්ජාලය හරහා පළමු වසර සිසුන්ට දේ්ශන පවත්වමින් අධ්‍යයන වර්ෂ ආරම්භ කර ඇති තත්ත්වයක් තුළ විශේෂ ප‍්‍රවේශයෙන් බඳවාගත යුතු සිසුන්ට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. විශ්වවිද්‍යාලවලට විශේෂ ප‍්‍රවේශය යටතේ සිසුන් බඳවාගැනීම නැවැත්වීම සඳහා පසුගිය වර්ෂ කිහිපයේදීම බලධාරීන් විසින් ක‍්‍රියාමාර්ග ගත් අතර ඒවා වැළකී ගියේ සිසුන්ගේ විරෝධය හේතුවෙනි. දැන් පවතින තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් නැවතත් එම බඳවාගැනීම් කප්පාදු කිරීමටත්, ශාස්ත‍්‍රීය විෂයයන් කප්පාදු කිරීමටත් පාලකයන් කටයුතු සිදු කරන්නේද යන්න පිළිබඳව සැක මතුවේ. මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨය සඳහා විශේෂ ප‍්‍රවේශයෙන් බඳවාගැනීමට තෝරාගත් බවට ලිපි පමණක් ලැබුණු ශිෂ්‍යයන්ට අන්තර්ජාලය ඔස්සේ විෂයයන් සඳහා ලියාපදිංචි වන ලෙස දැනුම් දී ඇත. තවමත් විශ්වවිද්‍යාලය වෙත පයවත් තබා නැති ශිෂ්‍යයන්ට අන්තර්ජාලය ඔස්සේ විෂයයන් තෝරාගන්නා ලෙස පැවසීම බරපතල අසාධාරණයකි. එහෙයින් විශේෂ ප‍්‍රවේශයෙන් බඳවාගැනීම් ක‍්‍රියාවලිය ම`ගහැරීමට නොදී විධිමත් කිරීමත්, දැනට බඳවාගන්නා බවට දැනුම් දීම පමණක් සිදුකොට ඇති සිසුන්ට විෂයයන් සඳහා ලියාපදිංචි වන ලෙස දැනුම්දීම වැනි ක‍්‍රියාවන් සිදු නොකිරීමටත් වගබලාගත යුතුය.

• විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් ගාස්තුවලින් නිදහස් කිරීම – විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරන සිසුන් වාර්ෂිකව අවස්ථා දෙකකදී විෂයයන් සඳහා ගාස්තු ගෙවීම සිදු කළ යුතු අතර පවතින තත්ත්වය යටතේ එලෙස ගාස්තු ගෙවීම් සිදු කිරීම ඉතා අපහසු කරුණකි. විශේෂයෙන්ම පසුගිය වසර
05ක කාලය තුළ ගාස්තු ගෙවීම් සිදුකළ නොහැකිව සිසුන් 14,000ට අධික පිරිසක් විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා අතහැර ගිය බව සැලකිල්ලට ගත යුතුය. එහෙයින් ආදායම් මාර්ග අහිමිව, ආර්ථික වශයෙන් බැටකමින් සිටින සිසුන්ට මෙම තත්ත්වය යටතේ කිසිසේත් ගාස්තු ගෙවීම් කළ නොහැකි අතර කෙසේ හෝ ගාස්තු ගෙවන ලෙස විශ්වවිද්‍යාලය විසින් නියම කරන්නේ නම් තවත් සිසුන් විශාල පිරිසකට පාඨමාලා අතහැර දැමීමට සිදුවනු ඇත. ඒ හේතුවෙන් විවෘත විශ්වවිද්‍යාලය තුළ සිදු කෙරෙන ගාස්තු අය කිරීම් මේ පවතින තත්ත්වය යටතේවත් තාවකාලිකව හෝ නතර කළ යුතුය.
ඉහත සඳහන් කරුණු පිළිබඳව අවධානය බලධාරීන් විසින් යොමු කළ යුතු අතර එම ගැටලූ විසඳා නොමැති තත්ත්වයක් තුළ නැවත විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හෝ අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කිරීම හෝ නොකළ යුතුය. එහෙයින් අත්‍යවශ්‍ය අධ්‍යයන හා සුබසාධන පහසුකම් වහාම සැලසිය යුතු බවටත් එසේ නොකොට සිසුන් වසංගතයේ ගොදුරු බවට පත් කිරීම හා අධ්‍යාපන ක‍්‍රියාවලියෙන් පිටමං කිරීම නොකළ යුතු බවටත් රජයට බල කර සිටිමු. එසේම පවතින තත්ත්වය සම්බන්ධයෙන් හා මෙම ගැටලූ සබම්නධයෙන් කඩිනම් සාකච්ඡාාවක් බලධාරීන් සමග සිදු කිරීමට අවශ්‍යතාවක් මතුව තිබේ. එහෙයින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට මෙම ගැටලූ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා සිටිමු.
පිටපත්
1. ජනාධිපති.
2. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව.
3. සියලූ උපකුලපතිවරුන්.
4. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය.
5. සියලූ මාධ්‍ය ආයතන.

රත්කරව්වේ ජිනරතන හිමි,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

leave a reply