ආර්ථික අර්බුදයට කරගහන්න ඕනා පසුගිය මාසවල වැටුප් වෙනුවෙන් අරගල කළ මිනිස්සුද? – දුමින්ද නාගමුව

කොරෝනා වසංගතයෙන් උග්‍රවෙන ආර්ථික අර්බුදයට කරගහන්න ඕනා ජීවත්වෙන්න විදිහක් නැතුව පසුගිය මාසවල වැටුප් සඳහා සටන් කරපු මිනිස්සුද යන ප්‍රශ්නය මතුවෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ පෙබරවාරි මාසයේත් වැටුප් වෙනුවෙන් අරගලයක නිරතවීමට සිටි ගුරුවරුන්ගෙන් පී. බී. ජයසුන්දර පඩි භාගයක් ඉල්ලා සිටින බවයි. එසේම හාම්පුතුන්ගේ සංගමයේ යෝජනා අනුව පෞගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවකට ආණ්ඩුව එකඟ වී ඇති බව දුමින්ද නාගමුව පවසයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පවසා ඇත්තේ,

“පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් සහ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 25වැනිදා සේව්‍ය සම්මේලනයෙන් ඉදිරිපත් කරපු යෝජනාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියන්න කියලා අපි ඉල්ලුවා. නමුත් ආණ්ඩුව එය ප්‍රකාශ කරේ නැහැ.
මෙම යෝජනාවලියෙන් පැය අටේ වැඩ දිනය වෙනස් කරන්න, නිවාඩු දිනවලත් වැඩ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස, පැය 45 වැඩ දිනය පැය 50 දක්වා වැඩි කිරීම, ETF සහ EPF දෙසැම්බර් දක්වා නොගෙවා සිටීමට අවසර ලබාදෙන්න කියලා. ආණ්ඩුව වැටුප් සම්බන්ධයෙන් පැමිණ තිබෙන එකඟතාවයට අනුව සේවකයන්ට ලැබීමට නියමිතව ඇත්තේ මූලික වැටුප පමණක් හෝ රුපියල් 14500ක් 13000ක් වගේ මුදලක්. ලොකු කතා කියලා මැයි සහ ජුනි මාසවල මූලිකවැටුප ලබාදෙන්න තමයි මේ සූත්‍රය ගෙනත් තියෙන්නෙ. දැනට තියෙන තත්ත්වය අනුව සේවකයෝ වැඩට එන්න ලෑස්තිවුනත් සේවා යෝජකයෝ වැඩ දෙන්නෙ නැති තත්ත්වයක් තුළ සේවකයට තමන්ගේ සම්පුර්ණ වැටුප ලබා ගැනීමේ නීතිමය සහ සදාචාරමය අයිතියක් තියෙනවා.

මේ රටේ සමාගම් 100ක් ගිය වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 200ක් ලබලා තියෙනවා. ජෝන් කීල්ස් සමාගම 2015 සහ 2016 අවුරුද්දේ රුපියල් බිලියන 16ක් ශුද්ධ ලාභයක් ලබලා තියෙනවා. අයි මේ සමාගම්වලට බැරි ලාභයෙන් පොඩ්ඩක් අතාරින්න. මේ ධනපතියන්ගේ ලාභයට අත තියලා මේ රටේ සාමාන්‍ය ජනතාවට තමන්ගේ දෛනික ජීවිතය ගෙවීමට අවශ්‍ය පසුබිම හදන්න. ”

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...