මහින්දගේ නිවසේ කුලියෙන් තුනෙන් එකක් ආණ්ඩුව ගෙවන්න සූදානම් 

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අනුව මහින්ද රාජපක්ෂ ජීවත්වන කොළඹ නිවසේ කුලී වටිනාකම ලක්ෂ හතළිස් හයක් බව අද අනුරු කුමාර දිසානායක ප්‍රකාශ කළා . තවම ඉඩම තක්සේරු නොකළ බව කියන අනූර ඊට හේතුව ලෙස ප්‍රකාශ කළේ ඉඩමේ ඔප්පුව හොයාගන්න බැරි බවයි . ජනාධිපතිවරුන්ගේ අයිතිවාසිකම් පනතට අනුව විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙක් කුලී පදනම යටතේ නිවසක රැඳී සිටින්නේ නම් එම නිවසේ කුලියෙන් තුනෙන් එකක් රජය ගෙවිය යුතුයි . ඒ පනතට අනුව අනුර ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂගේ මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් තිස් දහ රජය ගෙවන බවත් ඉතිරි මුදල කැමති නම් මහින්ද රාජපක්ෂ ගෙවාගෙන නිවසේ  සිතිය හැකි බවයි .

ඉදිරියේදී චන්ද්‍රිකාගේ නිවස ද තක්සේරු කර රජයෙන් ගෙවිය යුතු මුදල තීරණය කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා . එම කාර්ය ප්‍රමාද වූයේ ඇය විදෙස්ගත වීම නිසා බවත් දැන් ලංකාවට පැමිණ සිටින නිසා එම තක්සේරු කිරීමේ කටයුත්ත කඩිනම් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා . මේ අදහස් දැක්වීම ජනාධිපතිවරයා කරනු ලැබුවේ කටුකුරුන්ද ජන හමුවේදීය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...