යුරෝපා සංගමයේ කඩාවැටෙන රටවල්වල ආර්ථිකයට හදිසි මුක්කුවක්

කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන මේ වන විට යුරෝපා සංගමයේ රටවල් වල ආර්ථික කඩා වැටීම සීඝ්‍ර වෙමින් පවතිනවා. ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීමේ පිළියමක් වශයෙන් ජුලි 17,18 යුරෝපා සංගම් නායකයින් බ්‍රසල්ස් හි පැවති සමුළුවකදී ආර්ථික ප්‍රතිසාධන අරමුදලක් සහ දිගුකාලීන මූල්‍ය සැලැස්මක් සඳහා එකඟතා පළකර තිබේ . යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් විසින් මෙය නිවේදනය කරන ලදී.

මාධ්‍ය වාර්තා වලට අනුව, ඩොලර් බිලියන 750 ක ප්‍රතිසාධන අරමුදල ඩොලර් බිලියන 390 ක ප්‍රදානයන්ගෙන් සහ ඩොලර් බිලියන 360 ක ණය වලින් සමන්විත වේ. සම්මන්ත්‍රණ සැසිවාරයට පෙර මයිකල් පැවසුවේ යුරෝපා සංගමයේ දිගුකාලීන අයවැය සහ ප්‍රතිසාධන සැලැස්ම පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කරන බවයි .

මෙම සැලැස්මට මුලින් ඩොලර් බිලියන 500 ක ප්‍රදානයන් සහ යුරෝපා සංගම් රටවල් සඳහා ඩොලර් බිලියන 250 ක ණය ඇතුළත් විය. ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ස්වීඩනය – මෙම සැලැස්මට විරුද්ධ වූ අතර , ප්‍රදාන වෙනුවට ණය ආකාරයෙන් මුදල් නිකුත් කළ යුතු යැයි ඔවුන් යෝජනා කරනවා .

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...