මට කොරෝනා

ඉතිං මං මැරුණොත් උඹලා එනව ද…? නැද්ද…?
මට කියහං උඹල එනව ද…? නැද්ද…?

පුරවගෙන ගෙවල්වල කබඩ්වල ෆුඩ් සිටිය
උඹලා කනව ද කාමරවල තනි තනිව ඉඳගෙන…?
උදුරගෙන තොලින් තොල අතින් අත තබපු
එකක් තනිය ම බොන්නේ කොහොමද
රන්පත….?

තනිය ම දුවනව ද කැලේ මැද්දට මැද්දට වෙන්නට…?
හොයනව ද තැනක් ගල්ගුහා අතරේ රැකෙන්න….?
යන්නැද්ද එකෙක්වත් එක්කං…?නැත්නං බැරිද ….?
දුවනවද හැමෝම හැමෝව ම දාලා දිව්ව විදියට ම…?

හදනවද නිරෝධායන මධ්‍යස්ථාන සැමතැන…?
වැසී යන සේ සියලු ගම්බිම් නව නගර අධිවේග…?
තබනවා ද නියමිත දුරකින් ඈත් කොට දුරින්දුර…?
පෙනී නොපෙනෙන සේ උරෙනුර ගැටුණු හදවත …?

ඉතිං ඊට පස්සේ ආයේ නාට්‍ය පෙන්නන්න රැස්වෙන්න බෑ නේද…?
මෙතෙක් කල් අපි ලියපු කවි කියෙව්වට ඇහෙන්නේ නෑ නේද…?
එක ම එක කිස් එකක් තොල් පටේ ගෑවෙන්න දෙන්න වත් බෑ නේද…?
මේ ටිකට හරි උත්තර තියෙනවා නම් මළගෙදර නාවත් කමක් නෑ නේද….?

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...